| මාර්තු 03 - රුපියල් දහසේ (1000/=) නව මුදල්
නෝට්ටුවක් අද සිට සංසරණයට එක්වේ. එම නව
මුදල් නෝට්ටුවේ අනුක්‍රමික අංකය G/186 065001 සිට ඉදිරියට සටහන්ව
ඇත.
නව මුදල් නෝට්ටුව ශ්‍රී ලාංකේය උරුමය සංකේතවත්
කෙරෙන අයුරින් නිර්මිතය.
මීට අමතරව රුපියල් 2000, රුපියල් 50, රුපියල්
20 සහ රුපියල් 10 යනාදී වටිනාකමින් යුතු නව මුදල් නෝට්ටු ද ඉදිරි
දිනවලදී සංසණය සඳහා මුදාහැරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව
පවසයි.
එසේම රුපියල් 500 සහ රුපියල් 100 වටිනාකමින් යුතු
මුදල් නෝට්ටු නිකුත් කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද ශ්‍රී
ලංකා මහ බැංකුව කියා සිටී. |