| මාර්තු 03 - නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබු
සැකකටයුතු යාත්‍රාවක සිටි පුද්ගලයින් 71 දෙනෙකු නාවික හමුදාව විසින්
බේරාගනු ලැබීය. නාවික හමුදා ප්‍රකාශක,
කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා ඊතලයට පැවසුවේ පෙබරවාරි 20 වැනිදා
යාන්ත්‍රික දෝෂයකට ලක්ව පාවීමට පටන්ගෙන ඇති අදාළ යාත්‍රාව මියන්මාරයේ
සිට අනවසර සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරමින් තිබූ බවය.
ධීවරයින්ගෙන් ලද තොරතුරු අනුව නාවික හමුදාව විසින්
අදාළ යාත්‍රාව නිරීක්‍ෂණය කරනු ලැබුවේ මුලතිව් සිට නාවික සැතපුම්
150 ක් පමණ ඈත මුහුදු ප්‍රදේශයේදීය.
පෙබරවාරි මස 9 වැනිදා මියන්මාරයෙන් පිටත්ව ඇති
අදාළ යාත්‍රාවෙන් මියන්මාර ජාතිකයින් 67 ක් සහ බංග්ලාදේශ් ජාතිකයින්
24 ක් ප්‍රවාහනය කෙරිණ.
යාත්‍රාව පෙබරවාරි 20 වැනිදා යාන්ත්‍රික දෝෂයකට
ලක්ව පාවීමට පටන් ගත් තැන් සිට එහි සිටි පුද්ගලයෝ 20 දෙනෙක්
මිය ගියහ.
එසේ මිය ගිය පිරිස මුහුදේ අතහැර ආ බව යාත්‍රාවේ
සිටියවුන් නාවික හමුදාවට පවසා තිබේ.
|