| මාර්තු 04 - නැගෙනහිර පළාත් පාලන මැතිවරණයට
අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අදින් අවසන්
වේ. මඩකලපුව තැපැල් අධිකාරි කේ.කනගසුන්දරම්
මහතා පැවසුවේ මේ දක්වා ඡන්ද දැන්විම් පත්‍රිකා ලබා ගැනීමට නොහැකිවූ
පිරිස්වලට තැපැල් කාර්යාලවලට පැමිණ එම පත්‍රිකා ලබාගත හැකි බවය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 9 ක ඡන්ද
විමසීම ලබන 10 වැනිදා පැවැත්වේ.
මෙතෙක් ඡන්ද පත්‍රිකා ලබා නොගත් පිරිස්වලට ඡන්දය
පැවැත්වෙන ලබන සදුදා දක්වා තැපැල කාර්යාලවලින් තම ඡන්ද පත්‍රිකා
ලබා ගැනීමේ හැකියාව ඇත.
ඡන්දය පැවැත්වීමට අදාළ මඩකලපුව දිස්ත්‍රික්කයේ
මෙවර ඡන්දය සදහා සුදුසුකම් ලබා ඇති පිරිස දෙලක්ෂ හැත්තෑ දහස්
හාරසිය හැත්තෑ එකකි.
|