Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
කොළඹටත් චිකුන්ගුන්යා
මැයි 06 - කොළඹ අවට ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා රෝගය ව්‍යප්ත වීමේ අවදානමක් මතුව තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පැවසුවේ, පසුගිය දිනවල පැවති වර්ෂාවත් සමග කිරුළපන, පාමංකඩ සහ වැල්ලවත්ත ප්‍රදේශවල මෙම අවදානම මතුව ඇති බවය.

පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් එම ප්‍රදේශවලින් චිකුන්ගුන්යා රෝගීන් 11 දෙනෙකු වාර්තා වූ බව ද වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ වන විට චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment