Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
අම්පාරේදී ජවිපෙ විරෝධතාවක්
මැයි 06 - අක්කරෙයිපත්තු, තිරුක්කෝවිල් ප්‍රදේශයේදී සිය සාමාජිකයින් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියක් හෙළා දකිමින් ජනතා විමුක්ති පෙරමුණ අම්පාර නගරයේදී අද විරෝධතාවක නිරත විය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා චෝදනා කළේ, ටී. එම්. වී. පී. හෙවත් තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයේ ආධාරකරුවන් තම සාමාජිකයින්ට පහර දුන් බවය.

ප්‍රහාරයට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment