Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පත්වීම ප්‍රශ්න කෙරේ
මැයි 06 - පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් අද ත් එක්සත් ජාතික පක්ෂය, කථා නායකවරයාගෙන් ප්‍රශ්න කළේය.

එම පක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, දින 14 ක් සඳහා පමණක් අදාළ පත් කිරීම කරන බවට මීට පෙර දැනුම් දී තිබූ බවය.

එහෙත්, යළිත් එම කාලය දින 14 කින් දීර්ඝ කිරීමට අදාළව එවා ඇති ලිපිය, සභාවට ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරයා මූලාසනයට දැනුම් දුන්නේය.

මෙහිදී කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පැවසුවේ, එලෙස ලිපියේ සඳහන් කරුණු සභාවට හෙළි කිරීමේ පූර්වාදර්ශයක් නැති බවය.

හිටපු මහ ලේකම් ප්‍රියානි විජේසේකර මහත්මියගේ ද මෙලෙස දින 14 ක කාලයකට පත් කිරීම දීර්ඝ කළ බව ද කථානායකවරයා පැවසීය.

මෙහිදී, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, ප්‍රියානි විජේසේකර මහත්මියගේ එවක පත් වීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත සිදු වූවක් බවය.

කෙසේ වෙතත්, මේ තත්ත්වය පිළිබඳව පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර විසඳුමක් ගත යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment