Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිවිල් වැසියන් 176ක් මරුට
මැයි 06 - ගත වූ මාසයක කාලය තුළ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් හා සිවිල් වැසියන් 176 දෙනෙකු මිය ගිය බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයින් 120 දෙනෙකු පසුගිය මාසය තුළ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මිය ගිය බවය.

තුවාල ලැබූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින් සංඛ්‍යාව 945 ක් වන බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, සිවිල් වැසියන් 56 දෙනෙකු ඝාතනයට ලක්ව, තවත් 145 දෙනෙකු ද තුවාල ලැබූ බවය.

මෙලෙස අකාලේ සිදු වන මරණ වළක්වාලීමට දැන් කාලය එළඹ ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, ආරක්ෂක හමුදා උතුරේ ඉදිරියට යමින් සිටින බවය.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment