| මැයි 06 - වවුනියාව නගරය ආසන්නයේදී අද සවස
සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව
තිබේ. වවුනියාව පොලිසිය පැවසුවේ, යුද
හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති
බවය.
අද පස්වරු 6.10 ට පමණ වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය
ආසන්නයේදී මෙම බෝම්බය පුපුරා ගොස් තිබේ.
බෝම්බය ඒ ආසන්නයේ නවතා තිබූ පාපැදියක අටවා තිබුණු
බව ද පොලිසිය ප්‍රකාශ කළේය.
පිපිරීමෙන් ජීවතක්ෂයට පත්ව ඇත්තේ, ඒ ආසන්නයෙන්
ගමන් කළ සිවිල් වැසියන් දෙදෙනෙකි.
පොලිසිය පැවසුවේ, මෙහිදී යුද හමුදා ට්‍රක් රථයට
සුළු හානි සිදුව ඇති බවය.
බෝම්බ පිපිරීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා වවුනියාව
රෝහලට ඇතුළත් කර ඇත. |