Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
කොදෙව් ටෙස්ට් තරගාවලිය සමව නිමවේ

අප්‍රේල් 08 - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 6 ක ජයක් හිමි විය.

ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ අවසන් වූ එම තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලැබුණු ලකුණු 253 ක ඉලක්කය හඹා ගිය කොදෙව්වන් හට රාම්නරේෂ් සර්වාන් රැස්කළ ලකුණු 102 අගනා සහයක් විණි.

මීට අමතරව ෂිවනරීන් චන්ද්‍රපෝල් නොදැවී ලකුණු 86 ක් රැස් කළේය.

මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 278 ක් ද. දෙවැනි ඉනිමේදී ලකුණු 268 ක් ද රැස් කළහ.

ඊට පිළිතුරු ලෙස කොදෙව්වෝ සිය පළමු ඉනිමේදී ලකුණු 294 ක් ද, දෙවැනි ඉනිමේදී ලකුණු 254 ක් ද රැස් කළහ.

ඒ අනුව කඩුලු 4 ක් පමණක් බිඳ වැටී කොදෙව්වන් සිය ඉලක්කය සපුරා ගැනීමත් සමග දෙපිළම තරගාවලිය සම මට්ටමින් අවසන් විය.

අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment