Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
නැගෙනහිර ප්‍රචාරක කටයුතු මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මැයි 07 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසුවේ, මේ වන විට මැතිවරණයේ පූර්ව කටයුතු සාර්ථකව සිදු වන බවය.

ලබන සෙනසුරාදා පැවැත්වෙන නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව නව ලක්ෂ අසූ දෙදහස් හත්සිය විසි එකකි.

ඔවුන් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1070 ක් පිහිටුවා තිබේ.

නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයින් 1320 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 18 කින් සහ ස්වාධීන කණ්ඩායම් 56 කිනි.

මේ මැතිවරණයෙන් නැගෙනහිර පළාත් සභාවට මන්ත්‍රීවරුන් 35 දෙනෙක් තෝරා පත් කර ගැනෙති.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment