| මැයි 07 - ලංකා විදුලි බල මණ්ඩලය, පාරිභෝගික
ගාස්තු අත්තනෝමතික ලෙස ඉහළ දැමීම පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීමට
ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය
මෙම තීරණයට එළැඹුණේ, නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල
පාලිත හිමි සහ තවත් පාර්ශවකරුවෙකු ඉදිරිපත් කර තිබූ පෙත්සම්
දෙකක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් ලංකා විදුලිබල
මණ්ඩලය, එහි සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන්
ලෙස නම් කර තිබිණ.
පෙත්සමින් අභියෝගයට ලක් කර ඇත්තේ, දූෂණය නාස්තිය
හා අකාර්යක්ෂමතාව මුල් කර ගත් අවිධිමත් පාලනය හේතුවෙන් ලංකා
විදුලි බල මණ්ඩලයට විඳීමට සිදුව ඇති පාඩුව පාරිභෝගිකයින්ගේ විදුලි
බිල්පතට ආදේශ කිරීම යුක්ති සහගත නොවන බවය.
අශෝක ද සිල්වා, නිමල් ගාමිණි අමරතුංග, ජගත් බාලපටබැඳි
යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද සලකා
බැලිණ.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, විදුලි
බල මණ්ඩලයට කාලීනව විදුලි ගාස්තු වැඩි කිරිමට ඉඩක් ඇතත් අත්තනෝමතික
හා අයුතු සහගත ආකාරයට ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් එය සිදු
කිරීමට ඉඩක් නොමැති බවය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විදුලි
බල මණ්ඩලයට ලබා දුන් යෝජනා පවා සැලකිල්ලට නොගෙන විදුලි බල මණ්ඩලය
අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියා කිරිම ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි දෝෂදර්ශනයට
ලක්විය.
පෙත්සම් විභාගය ජූලි මස 9 වනදා යළි විභාගයට ගැනීමට
නියමිතය. |