| මැයි 07 - පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීම
ආණ්ඩුවේ දූෂණ වසා ගැනීමේ උපක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණ
චෝදනා කරයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි
අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, පක්ෂ නායක රැස්වීමේදී සාදා
ගත් න්‍යාය පත්‍රවලට පවා පිටින් රජය ඉතා හදිසියේ මෙම තීරණය ගෙන
ඇති බවය.
ඒ සමගම මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ද බරපතල
තර්ජනයක් එල්ල වී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ, ජනතා විමුක්ති පෙරමුණ අද
කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. |