Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
රත්නපුර රෝහලේ අර්බුදය උග්‍රවේ
මැයි 07 - රත්නපුර මහ රෝහලේ ඇති වී තිබෙන අර්බුදය නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසඳුමක් ලබා දුන්න ද, රෝහල් අර්බුදය මේ වන විට තවත් උග්‍රවී තිබේ.

ඒ, රෝහලේ හෙද නිලධාරින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම ත් සමගය.

රත්නපුර රෝහලේ මෙම අර්බුදය ඇතිවූයේ, රෝහල් හෙද නිලධාරියෙකු වෛද්‍යවරියකට තර්ජනය කළේයැයි කියන සිද්ධියක් මුල් කර ගනිමිනි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරින් පවත්වන ලද පරික්ෂණයෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ හෙද නිලධාරියා තාවකාලිකව කෑගල්ල රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, රෝහලේ වසා දමා තිබූ ශල්‍ය වාට්ටු යළි විවෘත කරමින් සිය රාජකාරි ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය උපුල් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය ගත් මෙම තීරණයට විරෝධය පළ කර රෝහල් හෙද නිලධාරින් මේ වන විට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවය.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment