| මැයි 07 - උතුරු මැද පළාත් සභාවට අයත් සියලු
ම රෝහල්වල කනිෂ්ඨ සේවකයින් අද පෙරවරුවේ සිට සංකේත වැඩ වර්ජනයක්
ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය
සේවා සංගමයේ ලේකම් පී. ධනපාල මහතා ප්‍රකාශ කළේ, ඉල්ලීම් 8 ක්
මුල් කර ගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කළ බවය.
මෙවැනි වර්ජනයක් සම්බන්ධයෙන් මෙතෙක් තමන් දැනුවත්
වී නොමැති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල්
දිසානායක මහතා පැවසීය.
මේ අතර, මධ්‍යම පළාතේ ලියාපදිංචි සහකාර වෛද්‍ය
නිලධාරින් අද දිනය තුළ සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ, ඔවුන්ගේ තනතුරු නාමය නිසි ලෙස සටහන් නොකිරීමට
විරෝධය පළ කරමිනි.
එහෙත්, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය
ශාන්ති සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය
පිළිබඳව දැනුවත් කිරීමකින් තොරව මෙවන් තීරණයක් ගැනීම අසාධාරණ
බවය. |