එහි නර්තන හා නාට්‍ය කලා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතා පවසන්නේ, එම්. ඒ. එක් අවුරුදු සහ එම්. ඊ. ඒ. දෑවුරුදු පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කරන බවය.
අදාළ පශ්චාත් උපාධි පාඨමාලා දෙක මේ සති අන්තයේදී ආරම්භ කරන බව ද මහාචාර්ය කෝට්ටගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
මැයි 10 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැවති අපේක්ෂා බිඳ වැටුණු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඡන්ද දූෂණ රැසක් තමන්ට වාර්තා වූ බවය.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා තම සාමාජිකයින්ට අවස්ථාව නොලැබුණු බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.