තන්තිරිමලේ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ජේ. අතපත්තු මහතා සඳහන් කළේ, එම සිද්ධියට සම්බන්ධ සැක කටයුතු 39 හැවිරිදි පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
සිය බිරිඳ නිවසින් පළවා හැර සිය දියණියන් අපයෝජනයට ලක් කරන බවට අසල්වාසින්ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් මත පොලිසිය එම නිවසට ගොස් ඇත.
එහිදී දහතුන් හැවිරිදි සහ දස හැවිරිදි දියණියන් දෙදෙනා පොලිසියට තොරතුරු හෙළි කර ඇති අතර ඒ අනුව සැක කටයුතු පියා අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.
මැයි 10 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැවති අපේක්ෂා බිඳ වැටුණු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඡන්ද දූෂණ රැසක් තමන්ට වාර්තා වූ බවය.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා තම සාමාජිකයින්ට අවස්ථාව නොලැබුණු බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.