Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
යුද ආධාර දීම ඉන්දියාවේ වාණිජ අරමුණක් - විජයකාන්ත්
මැයි 08 - ඉන්දියාව, ශ්‍රී ලංකාවට යුද ආධාර සැපයීම ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට එරෙහි වීමක් නොවන බව ඩී.එම්.ඩී.කේ. හෙවත් දේශීය මූර්පොක්කු ද්‍රවිඩ කසාකම් පක්ෂයේ නායක ජනප්‍රිය ද්‍රවිඩ නළු විජයකාන්ත් මහතා පවසයි.

ශ්‍රී ලංකාවට යුද ආධාර සැපයීම ඉන්දියාවේ වාණිජ අරමුණක් විය හැකි බවට නවදිල්ලි අගනුවරදී මාධ්‍යවේදීන් අමතමින් විජයකාන්ත් මහතා ප්‍රකාශ කළ බව බී.බී.සී.ලෝක සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය චීනය සහ පකිස්තානය සමග සමීප සබඳතා පවත්වා ගැනීමට උත්සහ දරද්දී ඊට ඉඩදීමට ඉන්දියාවට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද ඩී.එම්.ඩී.කේ. පක්ෂ සභාපතිවරයා පෙන්වා දී තිබේ.

ඔහු අවධාරණය කරන්නේ, ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය විසඳීමට මැදිහත් වීම අත්‍යවශ්‍ය මෙන් ම ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මැදිහත් වීම ද අත්‍යවශ්‍ය බවය.

කෙසේ වෙතත්, මෙම මාධ්‍ය හමුවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව වැඩි දුර යමක් ප්‍රකාශ කිරීම විජයකාන්ත් මහතා ප්‍රතික්ෂේප කර ඇත.

ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දී තිබෙන්නේ, එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වීමය.

වැඩි මන්ත්‍රීධූර හිමි පක්ෂයට මහ ඇමති ධූරය
ඡන්ද විමසීම සාර්ථකයි - මැ. කොමසාරිස්
මූතුර් පොලිස් ස්ථානාධිපතිවරය‌ා මාරුකෙරේ
ඡන්ද ප්‍රතිඵල පිළිගත නොහැකියි - එජාප
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 5 ක්
එජනිස නැගෙනහිර ජයගනී
අම්පාර සමස්ත ප්‍රතිඵලය
සමන්තුරේ ප්‍රතිඵලය
අම්පාර ප්‍රතිඵලය
කල්මුණේ ප්‍රතිඵලය
පොතුවිල් ප්‍රතිඵලය
ත්‍රිකුණාමලය සමස්ත ප්‍රතිඵලය
සේරුවිල ප්‍රතිඵලය
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ

මැයි 10 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැවති අපේක්ෂා බිඳ වැටුණු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඡන්ද දූෂණ රැසක් තමන්ට වාර්තා වූ බවය.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා තම සාමාජිකයින්ට අවස්ථාව නොලැබුණු බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment