| ඔක්. 08 - අනුරාධපුරය - හොරව්පතාන, සේරුනුවර
කැලෑ ප්‍රදේශයක වාඩියක් තුළ තිබූ මළ සිරුරු 4ක් පොලිසිය විසින්
සොයා ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ගම්
වැසියන් කිහිප දෙනෙකු ලබා දුන් තොරතුරු මත පොලිසිය හා හමුදාව
ඒකාබද්ධව කළ සෝදිසියකදී ඊයේ පස්වරුවේ මෙම මළ සිරුරු සොයා ගත්
බවය.
මෙම මළ සිරුරු 4 මේ වන විට අනුරාධපුරය ශික්ෂණ
රෝහලේ තැන්පත් කර තිබේ.
අදාළ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද
පෙරවරුවේ පැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. |