| ඔක්. 08 - පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා
මගීන් ඉදිරි සති කිහිපයේදී වඩා සුපරික්ෂාකාරී වන ලෙස ප්‍රවාහන
අමාත්‍යංශය ඉල්ලිමක් කරයි. එහි ආරක්ෂක
උපදේශක කර්නල් දර්ශන රත්නායක මහතා පැවසුවේ, කිලිනොච්චියේ දරුණු
පරාජයකට පත්වෙමින් සිටින එල්.ටී.ටී.ඊ. ය දකුණේ ජන ජීවිතයට හානි
කිරීමේ උත්සාහයක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවය.
ඒ අනුව පොදු ප්‍රවාහන සේවා ඔවුන්ගේ ඉලක්ක විය
හැකි බවට තොරතුරු ලැබී ඇති බව ද රත්නායක මහතා ප්‍රකාශ කළේය. |