Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
ශ්‍රීපති රැගත් රියේ අධීක වේගය අනතුරට හේතුවයි - නි.පොලිස්පති (වයඹ)

පෙබ.09 - පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරියාරච්චි මහතා රැගත් මෝටර් රථය අනතුරට ලක්වීමට හේතුව අධික වේගය බව වයඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ මහතා පවසයි.

ශ්‍රීපති සූරියාරච්චි මහතා අද දහවල් අනතුරට ලක්වූයේ කොළඹ බලා එමින් සිටියදීය.
සූරියාරච්චි මහතා රැගෙන අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථය අද දහවල් 1.15 ට පමණ අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ මැදගම ප්‍රදේශයේදී අනතුරට ලක්විය.

අනතුරේදී ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ ආරක්‍ෂකයින් දෙදෙනෙකුද මිය ගිය අතර, තඹුත්තේගම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ රෝහලට ඇතුළත් කරන විටත් සූරියාරච්චි මහතා මිය ගොස් සිටි බවය.

1962 සැප්තැම්බර් මස 8 වැනිදා උපත ලැබූ සූරියආරච්චි මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකි. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අමාත්‍යවරයෙකු ලෙස ද ක්‍රියා කළ ශ්‍රීපති සූරියාරච්චි මහතා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය සමග සන්ධාන ගතවූයේ එම පක්ෂයේ සම්බන්ධීකාරකවරයා ද වෙමිනි.

ටීඑම්වීපී මඩකලපු ඡන්දය ජයගනී
උතුරු කෝරළේපත්තු ප්‍රා.ස. ටීඑම්වීපී ජයගනී
බටහිර මන්මුණයි ප්‍රා.ස. ටීඑම්වීපීට
කෝරළේපත්තු ප්‍රා.ස. බලයත් ටීඑම්වීපීට
ටීඑම්වීපී එරාවුර්පත්තු ප්‍රා.ස. දිනයි
මන්මුණයිපත්තු ප්‍රා.ස. ජයත් ටීඑම්වීපීට
ටීඑම්වීපී මන්මුණයි නිරිත ප්‍රා.ස. ජයගනී
ද. මන්මුණයි-එරුවිල්පත්තු ප්‍රා.ස. ජය ටීඑම්වීපීට
පෝරතිව්පත්තු ප්‍රා.ස. ජය ටීඑම්වීපීට
එජනිස මඩකලපුව ම.න.ස ජය ගන
ජාතික සභාවේ ප්‍රතිපත්ති පිළිබඳ කථිකාවක්
ජීප් රියක් අනතුරකට පත්වීමෙන් සැකකරුවන් අටකට තුවාල
 
බෝම්බය සඟවා තිබුණේ මල් බඳුනක
මාර්තු 10 - අද උදෑසන වැල්ලවත්ත රොක්සි සිනමා හල අසල විහාර මාවත සමීපයේ පුපුරා ගිය බෝම්බය, ගාලු පාර මධ්‍යයේ පිහිටි කොංක්‍රීට් මල් බඳුනක සඟවා තිබූ එකක් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ඊතලයට පැවසීය.

එම පිපිරීමෙන් එක් අයෙකු මිය ගියේය.

සිද්ධියෙන් අනතුරුව ගාලු පාරේ රාමක්‍රිෂ්ණ පාර මංසන්ධියේ සිට වැල්ලවත්තේ ඩබ්.ඒ. ද සිල්වා මාවත මංසන්ධිය තෙක් වූ කොටස තාවකාලිකව වසා තිබේ.

 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment