එරකාමම් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පිහිටා ඇත්තේ, අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ මැතිවරණ කොට්ඨාසයේ සමන්තුරේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළය.
ඒ අනුව, ඉදිරියේදී සමන්තුරේ හා එරකාමම් පළාත් පාලන බල ප්‍රදේශ දෙක වෙන වෙන ම ක්‍රියාත්මක වනු ඇත.
එරකාමම් නව ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය ගොඩනැගිලිවල ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී ඇති අතර, ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5 කි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නව ප්‍රාදේශීය සභාව සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ කටයුතු ඉදිරියේදී නැගෙනහිර පළාත් සභාවේ සම්බන්ධීකරණයෙන් යුතුව සිදු කරන බවය.
මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.
මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.
නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.