Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
 
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
මැයි 09 - රුපියල් 30,000 ක අල්ලසක් ලබා ගත් බව කියන උතුරුමැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙවිල් ගුරුගේ මහතා පැවසුවේ, අද පස්වරුවේ පොළොන්නරුවේ පිහිටි මෙම කාර්යාලයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අදායම අඩුවෙන් තක්සේරු කිරීම වෙනුවෙන් ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.

සැකකරු අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද විමර්ශන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

දියණියන් අපයෝජනයට ලක්කළ පියා දැලේ
වවුනියාව නගරයේ හර්තාල්
ප්‍රථම වරට නර්තනයට පශ්චාත් උපාධි
සිමෙන්ති තොගයක් ලබන සතියේ මෙරටට
යුද ආධාර දීම ඉන්දියාවේ වාණිජ අරමුණක් - විජයකාන්ත්
ජවිපෙ කඹ ඇදිල්ලක්
පාර්ලිමේන්තු කල් තැබීම රජයේ උපක්‍රමයක් - ජවිපෙ
පළාත් දෙකක රෝහල්වල වර්ජන
රත්නපුර රෝහලේ අර්බුදය උග්‍රවේ
විදුලි ගාස්තු නැංවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පරීක්ෂණ
නැගෙනහිර ප්‍රචාරක කටයුතු මධ්‍යම රාත්‍රියෙන් අවසන්
වෑන් රියකට වෙඩි. දෙදෙනෙක් මරුට
ජවිපෙ කඹ ඇදිල්ලක්

මැයි 07 - ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහය පළ කරන එම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

එහෙත්, මීට සහභාගී වූ ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, තමන් මීට කැඳවා ගෙන එනු ලැබුවේ නොමග යවනසුලු තොරතුරු සපයා බවය.

ඒ සමග මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment