| මැයි 09 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ
ඡන්ද විමසීම හෙට පැවැත්වේ. මැතිවරණයේ
පූර්ව කටයුතු සාර්ථකව සිදු කෙරුණු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය
පවසයි.
නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා ඡන්දය භාවිත
කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව නව ලක්ෂ අසූ
දෙදහස් හත් සිය විසි එකකි.
ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1070 ක් පිහිටුවා
තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂ 18 කින් සහ ස්වාධීන කණ්ඩායම්
56 කින් මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව
1320 කි.
නැගෙනහිර පළාත් සභාවට මන්ත්‍රීවරුන් 35 දෙනෙකු
තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වේ.
|