| මාර්තු 10 - අද උදෑසන වැල්ලවත්ත රොක්සි සිනමා
හල අසළ විහාර මාවත සමීපයේ පුපුරා ගිය බෝම්බය, ගාලු පාර මධ්‍යයේ
පිහිටි කොංක්‍රීට් මල් බඳුනක සඟවා තිබූ එකක් බව හමුදා ප්‍රකාශක
බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ඊතලයට පැවසීය. එම
පිපිරීමෙන් එක් අයෙකු මිය ගියේය.
සිද්ධියෙන් අනතුරුව ගාලු පාරේ රාමක්‍රිෂ්ණ පාර
මංසන්ධියේ සිට වැල්ලවත්තේ ඩබ්.ඒ. ද සිල්වා මාවත මංසන්ධිය තෙක්
වූ කොටස තාවකාලිකව වසා තිබේ.
ඒ අනුව ගල්කිස්ස දෙස සිට පැමිණෙන රථවාහන
රාමක්‍රිෂ්ණ පාර සහ මැරයින් ඩ්‍රයිව් ඔස්සේ බම්බලපිටිය දෙසටත්,
ගල්කිස්ස දෙසට යන රථවාහන ඩබ්.ඒ. ද සිල්වා මාවත සහ හැම්ප්ඩන්
පටුමග ඔස්සේ පාමංකඩ හරහා විකල්ප මාර්ග ඔස්සේත් ධාවනය
කළ හැකි බව රථවාහන පොලිස් මූලස්ථානයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී වී.ටී. සුන්දරලිංගම් මහතා ඊතලයට පැවසීය.
|