ත්‍රීකුණාමලය පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා සඳහන් කළේ, 300කට අධික එම පිරිස කලහකාරි ලෙස හැසිරීම නිසා ඔවුන් විසුරුවා හැරීමට වෙඩි තැබීමට සිදුවූ බවය.
අද සවස 6.15 ට පමණ මුතුර් ජැටිය පාරේ නිවසක නියෝජ්‍ය ඇමතිවරයා නැවතී සිටියදී ඒ ආසන්නයේ පිහිටි නිවසක් අසල රැස්වී සිටි පිරිසක් හදිසියේ ඇමතිවරයා නැවතී සිටි නිවස දෙසට පැමිණ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බව පොලිස් අධිකාරිවරයා පැවසීය.
පොලිස් අධිකාරිවරයා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගත් බවය.
එම සිද්ධියෙන් පසු නියෝජ්‍ය ඇමති බායිස් මහතා පොලිස් රැකවරණ මත මුතුර් සිට ත්‍රීකුණාමලයට එවීමට කටයුතු යෙදූ බව ද ඔහු සඳහන් කළේය.
මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.
මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.
නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.