මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ, පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවය.
තැපැල් ඡන්ද ගණන් කිරීම අද සවස ආරම්භ විය.
ඡන්ද ගනණ් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 81 කදී සිදු කෙරේ.
මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.
මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.
නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.