Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්

මැයි 10 - අද පැවැත්වෙන නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල අදියර 3 කින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ප්‍රථමයෙන් තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.

ඡන්ද ප්‍රදේශ වශයෙන් සහ අවතැන්වූවන්ගේ ඡන්ද ප්‍රතිඵල වශයෙන් මෙය ප්‍රකාශයට පත්කෙරෙන බව සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. පී. සුමනසිරි මහතා පැවසීය.

නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට අලුයම
1 ත් 1.30 ත් අතර ප්‍රකාශයට පත්කිරීමට හැකි වෙතැයි, මැතිවරණ මහලේකම් කාර්යාලය විශ්වාසය පළ කරයි.

මඩකලපුව, කල්කුඩා, පදිරිප්පු, අම්පාර, සමන්තුරේ, කල්මුනේ, පොතුවිල්, ත්‍රිකුණාමලය, සේරුවිල සහ මුතූර් ලෙස ඡන්ද බල ප්‍රදේශ 10 ක අද මැතිවරණය පැවැත්වේ.

තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එක් එක් ඡන්ද ප්‍රදේශවලට අදාළ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇත.

අනතුරුව දිස්ත්‍රික්ක 3 ට අදාළ ප්‍රතිඵල නිකුත් කෙරෙන අතර අවසාන වශයෙන් පළාතට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

විදේශගතවීමට තැත් කළ බාලවයස්කාරියන් අධිකරණය හමුවට
නැගෙනහිර මන්ත්‍රීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්
ආගමික ස්ථානවලට 30% ක විදුලි ගාස්තු සහනයක්
චීනයේ ලාංකික සිසුන් 24ක් ආරක්ෂිත ස්ථාන වෙත
ආදිවාසීන්ට විශ්‍රාම වැටුප්
අලියෙකු පහරදී පුද්ගලයෙක් මරුට
මුතූර් පොලිස් ස්ථානාධිපතිගෙන් අභියාචනයක්
ඊ.පී.ඩී.පී. උපදේශිකාවගේ අවසන් කටයුතු කොළඹදී
කැබිතිගොල්ලෑවේ ආරක්‍ෂක වැට
විශේෂ කාර්ය බලකායට
කැටපේආරච්චිගේ නිවසින්
ලිපි ගොනු පැහැරගෙන
රත්නපුරේ රෝහල් සේවකයින්ටත් චිකුන්ගුන්යා
මාලිගාවත්ත සහ කොබවකදී ඝාතන දෙකක්
ජාතික නිදහස් පෙරමුණේ මංගල රැස්වීම

මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.

මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.

නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment