නිවේදනයක් නිකුත් කරන මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, වසර 20 කට ආසන්න කාලයකට පසුව නැගෙනහිර පළාත් සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් ලෙස අගය කළ යුතු බවය.
මැතිවරණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහය වූ සැමට ද දයානන්ද දිශානායක මහතා සිය ස්තූතිය පළ කරයි.
මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.
මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.
නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.