Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
මූතුර් පොලිස් ස්ථානාධිපති මාරුකෙරේ
මැයි 11 - මූතුර් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අබ්දුල් වහීඩ් මහතාට වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා සඳහන් කළේ, පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය කේ. ඒ. බායිස් මහතාට ඊයේ කිසියම් පිරිසක් පහර දීමට පැමිණි අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කළ ආකාරය හේතුකොට ගෙන මෙම පියවර ගත් බවය.

පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය කේ. ඒ. බායිස් මහතා නැවතී සිටි බව කියන මුතූර් ප්‍රදේශයේ නිවසකට ඊයේ සවස කිසියම් පිරිසක් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ එය මැඩ පැවැත්වීමට පොලිසිය කටයුතු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශගතවීමට තැත් කළ බාලවයස්කාරියන් අධිකරණය හමුවට
නැගෙනහිර මන්ත්‍රීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්
ආගමික ස්ථානවලට 30% ක විදුලි ගාස්තු සහනයක්
චීනයේ ලාංකික සිසුන් 24ක් ආරක්ෂිත ස්ථාන වෙත
ආදිවාසීන්ට විශ්‍රාම වැටුප්
අලියෙකු පහරදී පුද්ගලයෙක් මරුට
මුතූර් පොලිස් ස්ථානාධිපතිගෙන් අභියාචනයක්
ඊ.පී.ඩී.පී. උපදේශිකාවගේ අවසන් කටයුතු කොළඹදී
කැබිතිගොල්ලෑවේ ආරක්‍ෂක වැට
විශේෂ කාර්ය බලකායට
කැටපේආරච්චිගේ නිවසින්
ලිපි ගොනු පැහැරගෙන
රත්නපුරේ රෝහල් සේවකයින්ටත් චිකුන්ගුන්යා
මාලිගාවත්ත සහ කොබවකදී ඝාතන දෙකක්
ජාතික නිදහස් පෙරමුණේ මංගල රැස්වීම

මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.

මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.

නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment