එහි මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, අක්කරෙයිපත්තුව, කාත්තන්කුඩි, ඔට්ටමාවඩි හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවලින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ බවය.
මේ ප්‍රචණ්ඩ ක්‍රියා අතර පහරදීම්, බියවැද්දවීම් හා තර්ජනය කිරීමේ සිදුවීම් ද වන බව ඔහු සඳහන් කළේය.
මේඅතර, මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ, නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවය.
මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.
මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.
නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.