අමාත්‍යංශ ලේකම් ආර්. එම්. කේ. රත්නායක මහතා පැවසුවේ, සහල් ඉන් ප්‍රධාන තැනක් ගනු ඇති බවය.
මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අමාත්‍යංශය විසින් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
රත්නායක මහතා පැවසුවේ, ලබන අගෝස්තු මාසය වන විට සහල් සහ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක ආරක්ෂණ තොගයක් තබා ගැනීමට අමාත්‍යංශය පියවර ගෙන ඇති බවය.
මේ අතර, මෙම සතිය අවසන් වීමට ප්‍රථම මියන්මාරයෙන් ආනයනය කළ සහල් තොග දිවයිනට ලැබීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මැයි 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාපතිත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ මංගල නියෝජිත රැස්වීම අද කොළඹදී පැවැත්විණ.
මෙම අවස්ථාවට විමල් වීරවංශ, නන්දන ගුණතිලක, පියසිරි විජේනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.
නිදහසේ නියමුවෝ යනුවෙන් නම් කර තිබූ මෙම රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ වෙබ් අඩවිය ද විවෘත කෙරිණ.