 පෙබ.
15 - තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියාව
අතර තවත් තරගයක් අද පර්ත්හිදී ආරම්භවීමට නියමිතය. අද
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නැතැයි කණ්ඩායමේ
කළමණකාරු ශ්‍රියාන් සමරරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියාව
සමග තරග වදින දෙවන අවස්ථාව මෙයය.
ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා ශ්‍රි ලංකාව අතර පැවැත්වෙන
මෙම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහන අනුව මේ
වනවිට පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවය.
තරගාවලියේ එක් තරගයක් ජය ගනිමින් ඉන්දියාව ප්‍රසාද
ලකුණු සංඛ්‍යාව 08 ක් ලබා සිටී.
ඔස්ට්‍රේලියාව ලකුණු 07 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ
පසුවේ.
තෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ලකුණු
06 ක් හිමි වී ඇති අතර අද පැවැත්වෙන තරගය ජයගතහොත් ලකුණු සටහන
අනුව පෙරමුණට පැමිණීමට ඔවුන්ට අවස්ථාව උදා වනු ඇත.
|