| පෙබ. 15 - ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන්
එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම
ලකුණු 63 කින් පරාජය කිරීමට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු
කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු
236 ක් රැස් කළහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඔ ගිය ද
ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු වාර 45 යි පන්දු 3 කදී සියලු දෙනා
දැවී රැස් කළේ, ලකුණු 173 ක් පමණි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම
ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තිරණය කළේය.
ලකුණු 66 ක් තුළදී කඩුලු 2 ක් දවා ගැනීමට ශ්‍රි
ලංකා පන්දු යවන්නන් සමත් වුව ද තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 105
ක සබඳතාවක් ගොඩ නැගීමට ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ මයිකල් ක්ලාක්
සමත් විය.
ගිල්ක්‍රිස්ට් සිය එක්දින ක්‍රිකට් දිවියේ 16
වන ශතකය වාර්තා කළේය.
ලසිත් මාලිංග ලකුණු 47 කට කඩුලු 4 ක් බිඳ හෙළීය.
ජයග්‍රහණය සදහා ලකුණු 237 ක ඉලක්කයක් හඹා යාමට
පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායෙම් පළමු කඩුල්ල ලෙස සනත් ජයසූරිය
ලකුණු 12 කට දැවී ගියේය.
ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු
කුමාර් සංගක්කාර සිය එක්දින දිවියේ 25 වැනි අර්ධ ශතකය වාර්තා
කළේය.
පන්දු යැවීමේ දී නේදන් බ්‍ර්‍ර්‍ර්‍ර්‍රැකන් සහ
මිචෙල් ජොන්සන් කඩුලු 3 බැගින් බිඳ හෙළූහ.
තරගයේ වීරයා වූයේ පර්ත්හිදී සිය අවසන් එක්දින
තරගයට සහභාගී වූ ඇඩම් ගිල්ක්‍රිස්ට්ය. |