|
මාර්තු 15 - කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර
මහා ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.
වර්ෂාව හේතුවෙන් තරගය අවසන් වනවිට දෙවන ඉනිම ක්‍රීඩා
කළ ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 59 ක් රැස් කරගෙන
සිටියහ.
රාජකීය විද්‍යාලය පළමු ඉනිම සදහා කඩුලු 9 ක් දැවී
රැස්කළ ලකුණු සංඛ්‍යාව 300 කි.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේදී
ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිම සදහා රැස් කළේ ලකුණු 198 ක් පමණි.
රාජකීය කණ්ඩායම දෙවන ඉනිම සදහා කඩුලු 6 ක් දැවී
ලකුණු 141 ක් රැස් කරමින් ජයග්‍රහණය සදහා ලකුණු 244 ක ඉලක්කයක්
ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ලබාදුන්හ.
වර්ෂාව හේතුවෙන් තරගය අවසන් වනවිට දෙවන ඉනිම ක්‍රීඩා
කළ ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 59
ක් රැස්කරගෙන සිටියහ. |