පෙබ.
19 - ස්විට්සර්ලන්ත ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් 2007 වසරේ ලොව
විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය. ලොව
විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ, බෙල්ජියමේ ටෙනිස්
ශුරිය වන ජස්ටින් එනින්හාඩෙන්ය.
ලෝරියස් සම්මාන උළෙල රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්
නුවරදී ඊයේ පැවැත්විණ.
විශිෂ්ටතම ක්‍රිඩකයා ලෙස නම් කෙරුණු ස්ටිට්සර්ලන්තයේ
රොජර් ෆෙඩරර් මෙම සම්මානය දිනා ගත් සිව්වැනි අවස්ථාව මෙයය.
ඔහු ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ
පසු වේ.
විශිෂ්ටතම ක්‍රිඩිකාව ලෙස ලෝරියස් සම්මානයෙන්
පිදුම් ලැබූ ජස්ටින් එනින්හාඩෙන් ද ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල
පෙරමුණේ පසු වෙයි.
මේ අතර, වසරේ විහිෂ්ටතම කණ්ඩායම ලෙස 2007 වසරේ
ලෝක රග්බි කිරුළ හිමි කර ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සම්මාන
දිනා ගත්තේය. |