Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
දෙවසරකට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ක්‍රිකට් ජයක්
පෙබ. 29 - දෙවසරකට පසුව ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එක් දින තරග ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13 ක ජයක් හිමි කර ගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 221 ක් රැස් කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරණය කළේය.

එහිදී, නායක මහේල ජයවර්ධන ලකුණු 50 ක් රැස් කිරීමට සමත් විය.

හය වන කඩුල්ල සඳහා ලකුණු 60 ක සබඳතාවක් ගොඩ නැගීමට ටී.එම් දිල්ශාන් සහ චාමර සිල්වා සමත් වූහ.

ටී. එම්. දිල්ශාන් රැස් කළ ළකුණු සංඛ්‍යාව 62 කි.

පන්දු යැවීමේදී ලකුණු 29 කට කඩුලු 4 ක් බිඳ හෙළීමට නේදන් බ්‍රැකන් සමත් විය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 107 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ.

ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 50 කදී ලකුණු 83 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 48 යි එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත්තේ, ලකුණු 208 කි.

අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment