මාර්තු
31 - ඉමිටියාස් පටෙල්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන
විධායක නිලධාරි තනතුර ප්‍රතික්ෂේප කර ඇත. ඔහු
තම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ යෝජීත සභාපති ඩේවිඩ්
මෝගන් වෙත ඊයේ දැනුම් දී තිබෙන අතර එය අද නිල වශයෙන් ප්‍රකාශයට
පත් කෙරිණ.
මැල්කම් ස්පීඩ්ගෙන් පසු ප්‍රධාන විධායක නිලධාරි
ධුරය සඳහා ඉමිටියාස් පටෙල් නම් කෙරුණේ, පසුගිය 17 වනදාය.
ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකානු වැසියෙකු
වන ඉමිටියාස් පටෙල්, එම ධුරය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, තමා
තව දුරටත් රට වෙනුවෙන් සේවය කිරිමට බලාපොරොත්තු වන බවය.
ඔහු, මේ වනවිට දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාව සම්බන්ධ
මාධ්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස කටයුතු කරයි. |