| එජාප මන්ත්‍රීවරු
මැ. කොමසාරිස් හමුවෙති |
මැයි
13 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද මැතිවරණ කොමසාරිස්
දයානන්ද දිශානායක මහතා හමුවිය.
එක්සත්
ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ, නැගෙනහිර
පළාත් සභා ඡන්දයේදී සිදුවූ දුෂණ වංචා හා අක්‍රමිකතා පිළිබඳව
මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ බවය. |
| මැතිවරණය සාධාරණ බව
ජාත්‍යන්තර නිරීක්ෂකයෝ කියති |
| මැයි 12 - නැගෙනහිර පළාත් සභා මැතිවරණය සාධාරණව
හා විනිවිදභාවයකින් යුතුව පැවති බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ ප්‍රකාශ කළහ. කෙසේ
වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල
සිරිසේන මහතා පැවසුවේ, ඇතැම් ප්‍රදේශවල යම් යම් සිදුවීම් ඇතිවූ
බවය. |
| ඡන්ද බලයට බලපෑම්
එල්ලවුණා - රනිල් |
| මැයි 12 - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකිම් මහතා
අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී
ඔවුන් අදහස් දැක්වූයේ, නැගෙනහිර පළාත් සභා මැතිවරණය පිළිබඳවය.
මෙම මැතිවරණය ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට බලපෑම්
කළ එකක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්
මහතා ප්‍රකාශ කළේ, මෙය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරුණු මැතිවරණයක්
වූ බවය. |
| මහ ඇමති ධුරයට කඹ
ඇදිල්ලක් |
| මැයි 12 - මුස්ලිම් ජාතිකයින් වැඩි පිරිසක් නැගෙනහිර
පළාත් සභාවට තේරී පත්ව ඇති බැවින් පූර්ව එකඟත්වයට අනුව තමන් මහ
ඇමති ධුරයට පත් වන බව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පවසයි. |
|
| මැතිවරණ නිරීක්ෂකයින්ට
ප්‍රහාරයක් |
| මැයි 12 - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මැතිවරණ
නිරීක්ෂණ කටයුතුවල යෙදුණු තම සාමාජිකයින් දෙදෙනෙකුට කිසියම් පිරිසක්
විසින් පහර දී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා
ව්‍යාපාරය පවසයි. එහි මාධ්‍ය සම්බන්ධීකාරක
කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, සාමාජිකයින්ගේ නිවෙස්වලට
පැමිණි කිසියම් පිරිසක් ඊයේ රාත්‍රි ඔවුනට පහර දී ඇති බවය. |
| වැඩි මන්ත්‍රීධූර
හිමි පක්ෂයට මහ ඇමති ධූරය |
| මැයි 11 - සන්ධානයේ වැඩි ම මන්ත්‍රී ධූර
හිමි කර ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට නැගෙනහිර මහ ඇමති ධූරය ලබා දෙන
බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මනාප ඡන්ද
ගණන් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ තීරණයක් ගන්නා බවය. |
| ඡන්ද විමසීම සාර්ථකයි
- මැ. කොමසාරිස් |
මැයි
11 - සුළු සිද්ධි මධ්‍යයේ වුව ද නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම
සාර්ථකව අවසන් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව මැතිවරණ කොමසාරිස්
දයානන්ද දිශානායක මහතා පවසයි. |
|
| පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ
ක්‍රියා 5 ක් |
| මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයට
අදාළව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 5 ක් වාර්තා වී ඇතැයි
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය පවසයි.
එහි මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා
ප්‍රකාශ කළේ, අක්කරෙයිපත්තුව, කාත්තන්කුඩි, ඔට්ටමාවඩි හා දෙහිඅත්තකණ්ඩිය
යන ප්‍රදේශවලින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ බවය.
මේ ප්‍රචණ්ඩ ක්‍රියා අතර පහරදීම්, බියවැද්දවීම්
හා තර්ජනය කිරීමේ සිදුවීම් ද වන බව ඔහු සඳහන් කළේය.
මේඅතර, මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ, නැගෙනහිර පළාතේ ආරක්ෂාව
තර කිරීමට පියවර ගෙන ඇති බවය. |
| එජනිස නැගෙනහිර ජයගනී |
මැයි 11 - එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර
පළාත් සභාවේ බලය දිනා ගත්තේය.
මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව එම සන්ධානය නැගෙනහිර
පළාත් සභාව තුළ ප්‍රසාද ආසන 2 ක් ද සමගින් ආසන 20 ක් දිනා ගැනීමට
සමත් විණි.
නැගෙනහිර පළාත් සභාව සඳහා පැවැති මැතිවරණයේ අවසන්
ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
හිමිවූ
ආසන |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
308,886 |
20 |
| එක්සත් ජාතික පක්‍ෂය |
250,732 |
15 |
| ජනතා විමුක්ති පෙරමුණ |
9390 |
01 |
| දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය |
7714 |
01 |
|
| අම්පාර සමස්ත ප්‍රතිඵලය |
මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ අම්පාර
දිස්ත්‍රික් අවසන් ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය
එම දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන තිබේ.
ඒ ඡන්ද 144247 ක් ලබාගැනීමෙනි.
අම්පාර දිස්ත්‍රික්කයේ අවසන් නිල ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
හිමිවූ
ආසන |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
144247 |
08 |
| එක්සත් ජාතික පක්‍ෂය |
121272 |
06 |
|
| සමන්තුරේ ප්‍රතිඵලය |
මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ඡන්ද
බල ප්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියට පැමිණියේය.
ඒ ඡන්ද 24119 ක් ලබාගැනීමෙනි.
සමන්තුරේ ඡන්ද බල ප්‍රදේශයේ නිල ප්‍රතිඵලය මෙසේය |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
24119 |
| එක්සත් ජාතික පක්‍ෂය |
21401 |
|
| අම්පාර ප්‍රතිඵලය |
මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර ඡන්ද
බල ප්‍රදේශය බලය තහවුරු කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය
සමත් විය.
අම්පාර ඡන්ද බල ප්‍රදේශයේ නිල ප්‍රතිඵලය මෙසේය |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
47319 |
| එක්සත් ජාතික පක්‍ෂය |
31386 |
| ජනතා විමුක්ති පෙරමුණ |
3693 |
|
| කල්මුණේ ප්‍රතිඵලය |
මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ඡන්ද
බල ප්‍රදේශය තුළ පෙරමුණ ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.
කල්මුණේ ඡන්ද බල ප්‍රදේශයේ නිල ප්‍රතිඵලය මෙසේය |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජාතික පක්‍ෂය |
27596 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
13468 |
| ජනතා විමුක්ති පෙරමුණ |
174 |
|
| පොතුවිල් ප්‍රතිඵලය |
මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ඡන්ද
බල ප්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය තහවුරු කරගෙන
තිබේ.
පොතුවිල් ඡන්ද බල ප්‍රදේශයේ නිල ප්‍රතිඵලය මෙසේය |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
54619 |
| එක්සත් ජාතික පක්‍ෂය |
37488 |
| ජනතා විමුක්ති පෙරමුණ |
490 |
|
| ත්‍රිකුණාමලය සමස්ත
ප්‍රතිඵලය |
මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්‍ෂයට ආසන
5 ක් හිමි විය.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
හිමිවූ
ආසන |
| එක්සත් ජාතික පක්‍ෂය |
70858 |
05 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
59298 |
04 |
| ජනතා විමුක්ති පෙරමුණ |
4266 |
01 |
|
| සේරුවිල ප්‍රතිඵලය |
මැයි 11 - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල
ඡන්ද බල ප්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය තහවුරු
කරගෙන සිටී.
එම ඡන්ද බල ප්‍රදේශයේ අවසන් නිල ප්‍රතිඵලය මෙසේය |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
21915 |
| එක්සත් ජාතික පක්‍ෂය |
10855 |
| ජනතා විමුක්ති පෙරමුණ |
2286 |
|
| ත්‍රිකුණාමලය ප්‍රතිඵලය |
මැයි 11 - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය
ඡන්ද බල ප්‍රදේශය තුළ එක්සත් ජාතික පක්‍ෂය බලය තහවුරු කරගෙන
සිටී.
එම ඡන්ද බල ප්‍රදේශයේ අවසන් නිල ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජාතික පක්‍ෂය |
28146 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
13828 |
| ජනතා විමුක්ති පෙරමුණ |
1408 |
|
| මඩකලපුව සමස්ත ප්‍රතිඵලය |
මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ
මඩකලපුව දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස්
සන්ධානය එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.
එහිදී එම සන්ධානයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 105341
කි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
හිමිවූ
ආසන |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
105341 |
06 |
| එක්සත් ජාතික පක්‍ෂය |
58602 |
04 |
| දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය |
7714 |
01 |
|
| මඩකලපුව ඡන්ද ප්‍රතිඵලය |
මැයි 11 - මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ඡන්ද
බල ප්‍රදේශයේ ඉදිරියට පැමිණීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව
සිටී.
එම සන්ධානය ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 52053 කි.
මඩකලපුව ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
52053 |
| එක්සත් ජාතික පක්‍ෂය |
29770 |
| දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය |
3222 |
| ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය |
1199 |
| ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
1118 |
|
| ත්‍රිමලේ ඡන්ද ගණන්
කිරීම උණුසුම් වෙයි |
මැයි 11 - ත්‍රිකූණාමලයේ ප්‍රධාන ඡන්ද ගණන්
කිරීමේ මධ්‍යස්ථානය තුළ උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.
ත්‍රිකුණාමලය කච්චේරි භූමියේ පිහිටි ප්‍රධාන ඡන්ද
ගණන් කිරීමේ මධ්‍යස්ථානය ආශ්‍රිතව දෙපිරිසක් අතර හටගත් උණුසුම්
තත්ත්වය පසුව ගැටුමක් දක්වා දීර්ඝ විය.
අද උදෑසන 6.15 ට පමණ එම තත්ත්වය හට ගැනිණි. |
| ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
- තැපැල් ඡන්ද ප්‍රතිඵලය |
මැයි 11 - මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිරිප්පු ඡන්ද බල ප්‍රදේශයේ
නිල ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරමුණ
එම ඡන්ද බල ප්‍රදේශය තුළ පෙරමුණට පැමිණ තිබේ.
එම සන්ධානය ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 14379 කි.
පදිරිප්පු ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මෙසේය |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
14379 |
| එක්සත් ජාතික පක්‍ෂය |
11829 |
| දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය |
3594 |
| ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය |
2612 |
|
| මඩකලපුව - කල්කුඩා
ඡන්ද ප්‍රතිඵලය |
මැයි 11 - මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ඡන්ද
බල ප්‍රදේශය තුළ ඉදිරියට පැමිණීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය
සමත් විය.
නිල ඡන්ද ප්‍රතිඵලය අනුව එම සන්ධානය ලබාගත් ඡන්ද
සංඛ්‍යාව 36731 කි.
කල්කුඩා ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
36731 |
| එක්සත් ජාතික පක්‍ෂය |
15673 |
| ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය |
1421 |
|
| අම්පාර දිස්ත්‍රික්කය
තැපැල් ඡන්ද ප්‍රතිඵලය |
මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද
ප්‍රතිඵලයට අනුව ඡන්ද 4722 ක් ලබා එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඉදිරියට පැමිණ තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
4722 |
| එක්සත් ජාතික පක්‍ෂය |
3401 |
| ජනතා විමුක්ති පෙරමුණ |
353 |
|
| ත්‍රිකුණාමලය අවතැන්වූවන්ගේ
ඡන්ද ප්‍රතිඵලය |
මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළ
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවතැන්වූවන්ගේ ඡන්ද ප්‍රතිඵලය අනුව
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියෙන් සිටී.
එම ප්‍රතිඵලය මෙසේය |
| පක්‍ෂය |
ඡන්ද |
| එක්සත් ජාතික පක්‍ෂය පක්‍ෂය |
1143 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
166 |
| එක්සත් සමාජවාදී පක්‍ෂය |
10 |
|
| මඩකලපුවේ අවතැන්වූවන්ගේ
ඡන්ද ප්‍රතිඵලය |
මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළ
මඩකලපුව දිස්ත්‍රික්කයේ අවතැන්වූවන්ගේ ඡන්ද ප්‍රතිඵලය නිකුත්
විණි.
ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය එහි ඉදිරියෙන්
සිටී.
එම ප්‍රතිඵලය මෙසේය. |
| පක්‍ෂය |
ඡන්ද |
| ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය |
51 |
| එක්සත් ජාතික පක්‍ෂය |
48 |
| එක්සත් ජනතා නිදහස් සන්ධානය |
19 |
| ජනතා විමුක්ති පෙරමුණ |
1 |
|
| පළමු තැපැල් ඡන්ද
ප්‍රතිඵලය නිකුත් කෙරේ |
| මැයි 11 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද
2159 ක් හිමි වී තිබේ. |
|
| ඡන්දය ප්‍රකාශ කිරීමේ
ප්‍රතිශතය 60% |
| මැයි 11 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී
ඡන්ද දායකයින්ගෙන් 60% කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති
බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. |
|
| අක්‍රමිකතා රැසක්
වාර්තා වුණා - කැෆේ |
| මැයි 10 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැවති අපේක්ෂා බිඳ වැටුණු
බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත්
කැෆේ සංවිධානය පවසයි. නිදහස් හා සාධාරණ
මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති
තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඡන්ද දූෂණ රැසක් තමන්ට වාර්තා වූ
බවය.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා
තම සාමාජිකයින්ට අවස්ථාව නොලැබුණු බව ද කීර්ති තෙන්නකෝන් මහතා
පැවසීය. |
| ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි |
| මැයි 10 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ
ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මැතිවරණ
මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ, පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය
අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවය. |
|
| මැතිවරණ ප්‍රතිඵල
අදියර තුනකින් |
| මැයි 10 - අද පැවැත්වෙන නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ
ප්‍රතිඵල අදියර 3 කින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ. |
 |