Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
කටුනායක තාක්‍ෂණ වෘත්තිකයින්ගේ සංගමයට වසරයි
කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය කේන්ද්‍ර කර ගත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ (IT Professional Association - KEPZ) පළමු සංවත්සරය මෙම මාසයේදී සැමරෙයි.

මෙම සංගමය කටුනායක අපනයන ප්‍රවර්ධන කළාපය තුළ සේවය කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගෙන් සමන්විතය.

කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය තුළ හා ඒ අවට සිටින තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉදිරියට යාමට කැමති පුද්ගලයින් සඳහා සහය වීම මෙම තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ ප්‍රධාන අරමුණය.

විශේෂයෙන්ම කලාපයේ කර්මාන්තශාලා ආශ්‍රිතව සේවය කරන සේවක සේවිකාවන් ගේ පරිගණක දැනුම වැඩි කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඒ අතරින් ප්‍රමුඛ වේ.

ගතවූ වසරක කාලය තුළ තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉදිරියට යාමට කැමති පිරිස් ඉලක්ක කර ගනිමින් විවිධ සම්මන්ත්‍රණ හා වැඩමුළු රැසක් කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයට හැකි විය.

මෙම වැඩකටයුතු වඩාත් පුළුල් කිරීම සඳහා කටුනායක අපනයන ප්‍රවර්ධන කළාපය තුළ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් සහ පරිගණක පුහුණු විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට ඔවුහු අපේක්ෂා කරති.

එමගින් කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය තුළ හා ඒ අවට සේවය කරන පරිගණක පුහුණුව ලැබීමට කැමති සේවක සේවිකාවන්ට ඒ සඳහා අවස්ථාවක් සැලසීම එම සංගමයේ බලාපොරොත්තුව වේ.

ඒ සඳහා අරමුදල් රැස් කිරීමටත් තම සංගමයේ පළමු සංවත්සරය සැමරීමටත් "ඉන්ෆොටෙක් නයිට් 2008" නමින් සුහද හමුවක් සහ අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය සංවිධානය කර ඇත.

2008 නොවැම්බර් මස 15වන දින සීදූව, ටාජ්-එයාර්පෝට් හෝටලයේදී පැවැත්වෙන හමුවේදී රැස් කෙරෙන මුදලින් වැඩි කොටසක් පරිගණක පුහුණු මධ්‍යස්ථානය ගොඩ නැගීමට යෙදවීමට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ තීරණය කර ඇත.

ඊට අමතරව ඉදිරියේදී තොරතුරු තාක්ෂණික දැනුම ලබා දීමේ අධ්‍යාපනික වැඩසටහන්, සම්මන්ත්‍රණ, වැඩමුළු රැසක් කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය තුළ දියත් කිරීමට ද තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය අපේක්ෂා කරයි.

එල්.ටී.ටී.ඊ.ය තහනම් කරයි
ගල්කිස්ස දුම්රිය මාර්ගයේ සුළු පිපිරීමක්
'ඉවසුවා ඇති' ඇරඹෙයි
සිරසට එල්ල වූ ප්‍රහාරය ගැන අදත් පාර්ලිමේන්තුවේ වාද විවාද
පුපුරුවා ඇත්තේ එස්.එන්. 96 ක්ලේමෝ බෝම්බයක් - පොලිසිය
සිරස ප්‍රහාරයට සම්බන්ධවූවන් ගැන තොරතුරකට රු. ලක්ෂ 50ක්
සිරසට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව මීගමුවේදී උද්ඝෝෂණයක්
සිරස ප්‍රහාරයට පැති බෝම්බයක් යොදා ගෙන ඇතැයි හෙළි වෙයි
පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක්
දේශපාලන විසඳුමක වැදගත්කම ඉන්දියාව යළි අවධාරණය කරයි
ගාස්තු අඩු නොකළ බස් 44ක බලපත්‍ර අත්අඩංගුවට
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment