Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
දිනය 02/01/2008
කොම්පඤ්ඤවීදියේ බෝම්බ පිපිරීමක්

ජන. 02 - මීට සුළු වේලාවකට පෙර කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලය අසලදී බෝම්බ පිපිරීමක් සිදුවිය.

එහිදී බස් රියකට දැඩි හානි සිදුවී තිබේ.

සිද්ධියේදී තුවාල ලැබූ විසි දෙනෙකු පමණ මේ වන විට රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොම්පඤ්ඤවීදියේ බෝම්බ පිපිරීමෙන් 4 ක් මරුට

ජන. 02 - පෙරවරු - 09.55 : මීට සුළු වේලාවකට පෙර කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලය අසලදී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මේ වන විට සිවු දෙනෙකු මිය ගොස් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.

මෙම බෝම්බ පිපිරීමේදී බස් රියකට දැඩි හානි සිදුවී තිබේ.

කොම්පඤ්ඤවීදියේ බෝම්බ පිපිරීම : ඉලක්කය හමුදා බස්රියක්

ජන. 02 - පෙරවරු - 09.57 : මීට සුළු වේලාවකට පෙර කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලය අසලදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ හමුදා බස්රියක් බව වාර්තා වේ.

මේ වන විට මිය ගොස් ඇති පුද්ගලයින් සිවු දෙනාගෙන් දෙදෙනෙකු හමුදා සාමාජිකයන් වන අතර ඉතිරි දෙදෙනා සිවිල් පුද්ගලයින් බව ජාතික රෝහලේ හදිසි අනතරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොම්පඤ්ඤවීදියේ බෝම්බ පිපිරීම : තුවාලකරුවන් 28 ක් රෝහ‌ලේ

ජන. 02 - අද උදෑසන 9.30 ට පමණ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලය අසලදී යුද හමුදා බස් රියක් ඉලක්ක කොට පුපුරවා හැර තිබුණේ ක්ලේමෝ බෝම්බයක් බව හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.

මේ වන විට මිය ගොස් ඇති පුද්ගලයින් සිවු දෙනාගෙන් දෙදෙනෙකු හමුදා සාමාජිකයන් වන අතර ඉතිරි සිවිල් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කාන්තාවක බව ජාතික රෝහලේ හදිසි අනතරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

තුවාලකරුවන් 28 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ දැනට ප්‍රතිකාර ලබති.

උසස් පෙළ විභාගයෙන් දකුණු පළාත් සිසුන්ගෙන් වැඩි දස්කම්

ජන. 02 - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක් එක් විෂය ධාරාවන්ගෙන් ප්‍රමුඛස්ථානයට පත්ව සිටින සිසුන්ගේ ලේඛනය විභාග දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ජීව විද්‍යා සහ කලා විෂය ධාරාවන්ගෙන් දිවයිනේ වැඩිම ඉසඩ් ලකුණු මට්ටමක් ලබාගෙන සිටින්නේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙක්. ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ ඒ.වී. ඉරෝෂ චන්දිමාල් ජීව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති අතර, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ නදීශා හංසමාලී ඈපා කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානයට පැමිණ සිටිති.

භෞතික විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානයට පැමිණ සිටින්නේ, කොළඹ රාජකීය විද්‍යාලයේ ටී. චරිත යසේන්ද්‍ර මෙන්ඩිස් ශිෂ්‍යයාය. විශාඛා බාලිකා විද්‍යාලයේ තාරණී ගවීෂා වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටී.

ඊට අමතරව කලා විෂය ධාරාවෙන් දෙවන ස්ථානයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජී.එන්. අෂාන් තිලංග සිසුවා පත්ව ඇති අතර තෙවැනි ස්ථානයට පැමිණ සිටින්නේ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඊ. ඉන්ද්‍රඛීල විජේසිංහ ඒකනායක සිසුවායි.

ජිව විද්‍යා අංශයේ දෙවැනි ස්ථානයට මාතර රාහුල විද්‍යාලයේ සිතිර අකලංක සිසුවා පත්ව සිටින අතර තෙවැනි ස්ථානයට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ඩි.එම්. වරුණ සංජීව බාලසූරිය සිසුවා පත්ව සිටී.

වාණිජ අංශයේ දෙවැනි ස්ථානය ගාල්ල මහින්ද විද්‍යාලයේ නදුන් වික්‍රමසිංහ සිසුවා හිමි කරගෙන ඇති අතර. තුන්වැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ කේ.ඒ. සුපුන් ශෂිප්‍රිය ගුණසේකර ශිෂ්‍යයාට හිමි වී ඇත.

භෞතික විද්‍යා අංශයෙන් දෙවැනි ස්ථානයට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කේ.එල්. ජගත් ජයරංග පත්ව සිටින අතර, එම අංශයේ තුන්වැනි ස්ථානයට පත්ව සිටින්නේ, යාපනය හාර්ට්ලි විද්‍යාලයේ විමලනාදන් රජීවන් සිසුවායි. අංශයේ තුන්වැනි ස්ථානයට පත්ව සිටින්නේ, යාපනය හාර්ට්ලි විද්‍යාලයේ විමලනාදන් රජීවන් සිසුවායි.

මහේෂ්වරන් ඝාතනය අමෙරිකාව හෙළා දකී

USජන. 02 - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතාගේ ඝාතනය පිලිබඳ පරික්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන්නැයි අමෙරිකාව රජයෙන් ඉල්ලා සිටී.

කොළඹ අමෙරිකානු තානාපති කර්යාලය මෙම ඉල්ලීම කර ඇත්තේ, මහේෂ්වරන් මහතාගේ ඝාතනය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමින්ය.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පවුලේ සාමාජීකයින් වෙත ශෝකය පලකරන බව ද අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. මේ අතර, කොළඹ කොම්පඤ්ඤවිදීය ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවු බෝම්බ ප්‍රහාරය ද අමෙරිකාව හෙළා දැක තිබේ.

ඉන් විපතට පත්වුවන්ට සහ ඔවුන්ගේ ඥාතීන් වෙත ශෝකය පළකරන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ, අර්බුදයට සාමකාමී සාකච්ඡාමය විසඳුමක් ඇතිකර ගන්නා ලෙසය.

නිසි ආරක්ෂාවක් නොදීම පිළිබඳව අනුරගේ කණස්සල්ල

Anuraජන. 02 - ආරක්ෂාව ඉල්ලා තමා විසින් යවන ලද ලිපියට පොලිස්පතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර බණ්ඩාරනායක මහතා දැඩි කණස්සල්ල පළකරයි.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් බණ්ඩාරනායක මහතා පවසන්නේ, ඒ පිළිබද කිසිදු පියවරක් නොගැනීමෙන් මන්‍ත්‍රීවරුන්ගේ ජීවිත පිළිබඳව පොලිස්පතිවරයා තැකීමක් නොකරන බව පැහැදිලි වන බවය.

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා ද අතිරේක ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණද, ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් මන්‍ත්‍රීවරයාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බව ද බණ්ඩාරනායක මහතා තම ලිපියෙන් පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් පොලිස්පතිවරයාට දන්වා සිටින්නේ, මෙවැනි නොසලකා හැරීම් හේතුවෙන් ඉදිරි දිනක අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් දැඩි දඬුවමකට ලක්වීමට පොලිස්පතිවරයාට සිදුවනු ඇති බවය.

හඳුනාගත් එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර

ජන. 02 - මන්නාරම උතුර සහ කොක්කුතුඩුවායි ප්‍රදේශවල හඳුනාගත් එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත ගුවන් හමුදාව අද ප්‍රහාර එල්ල කළ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ඊතලයට පැවසීය. ඔහු සඳහන් කළේ, මන්නාරම උතුර වෙඩිතලතිව් ප්‍රදේශයේ මුහුදු කොටි කඳවුරක් සහ එල්.ටී.ටී.ඊ. බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයක් ඉලක්ක කර අද උදෑසන 9.30 ට පමණ ගුවන් ප්‍රහාර එල්ල කළ බවය.

මෙම ප්‍රහාරවලදී එල්.ටී.ටී.ඊ. ප්‍රධානීන් දෙදෙනෙකු මිය ගිය බවට තොරතුරු ලැබී ඇතැයි හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අලම්පීල්හි පිහිටි එල්.ටී.ටී.ඊ. සැපයුම් කඳවුරකට ද අද දහවල් 12.30 ට පමණ ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ද බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා සඳහන් කළේය.

සටන් විරාම ගිවිසුමෙන් රජය ඉවත් වේ

ජන. 02 - රජය සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වීමේ තීරණයකට එළැඹ තිබේ.

මේ පිළිබඳව කළ විමසීමක දී ආරක්‍ෂක තොරතුරු ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ආරම්භයේ සිටම එල්ටීටීඊ සංවිධානය සටන් විරාම ගිවිසුමට අනුකූලව ක්‍රියා නොකළ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සටන් විරාම ගිවිසුමේ අඩංගු කරුණු පදනම්ව එම ගිවිසුමෙන් ඉවත් වීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.

අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment