| දිනය 10/01/2008 |
| සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ත්‍රී’මලය කාර්යාලය වසා දැමේ |
ජන.
10 - ශ්‍රී ලංකා සටන් විරාම නිරික්ෂණ කමිටුවේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්
කාර්යාලය නිල වශයෙන් ඉවත්කරගෙන තිබේ.
එම කමිටුවේ, ප්‍රකාශිකා පියා හැන්සන් මහත්මිය
සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ සටන් විරාම නිරික්ෂණ කටයුතු නතර කළ
බවය.
ඒ අනුව, ශ්‍රී ලංකා සටන් විරාම නිරික්ෂණ කමිටුවට
අයත්, ත්‍රීකුණාමල කාර්යාලයේ බඩුබාහිරාදිය ඊයේ ඉවත් කර ගෙන ඇති
අතර කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල අද රජයට භාරදෙනු ලැබීය.
ශ්‍රී ලංකා රේගුවට අයත් එම ගොඩනැගිල්ල ත්‍රීකුණාමලය
ප්‍රාදේශීය ලේකම්වරයා අද භාර ගත් බව දිස්ත්‍රික් ලේකම්, ජෙනරල්
රංජිත් සිල්වා මහතා ප්‍රකාශ කළේය. |
| නවගමුවේ, ලක්ෂ 38 ක කොල්ලයක් |
ජන. 10 - නවගමුව, රණාල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකට කඩා වැදුණු සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු රුපියල් තිස් අට ලක්ෂයක මුදලක් පැහැරගෙන ගොස් තිබේ.
නවගමුව පොලිසිය සඳහන් කළේ, අද උදෑසන 9.45 ට පමණ යතුරු පැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන් ටී. 56 ගිනි අවිවලින් සන්නද්ධව සිටි බවට තොරතුරු ඇති බවය.
|
ජන වාර්ගික ප්‍රශ්නයට සාර්ථක යෝජනාවලියක් අවශ්‍යයි
- ජනාධිපති |
ජන.
10 - ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කිරීමේදී විවිධ
අදහස් තිබුණ ද ඉදිරිපත් කළ යුත්තේ සාර්ථක කර ගත හැකි යෝජනාවලියක්
බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පස්වරුවේ
සර්ව පාක්ෂික නියෝජිත කමිටුව ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින්
සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ
සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.
ජනවාර්ගික ප්‍රශ්නයට පිළිගත හැකි දේශපාලන විසඳුමක්
ලබාදීම සඳහා වූ කරුණු සාකච්ඡා කෙරුණු මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ
ප්‍රධානත්වයෙන්, ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
මේ දක්වා සර්ව පාක්ෂික නියෝජිත කමිටුව සාකච්ඡා
කරන ලද කරුණු සංක්ෂිප්ත වශයෙන් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ
පක්ෂ නියෝජිතයින්ගේ අවධානයට යොමු කෙරිණි.
ජනාධිපතිවරයා මෙහිදී සර්ව පාක්ෂික නියෝජිත කමිටු
සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, මේ පිළිබඳව සකස් කෙරෙන අවසන් කෙටුම්පත
ලබන 23 වනදා තමාට ලබාදෙන ලෙසය. |
| කල්අඩි ප්‍රදේශයේ සාදයකදී දෙදෙනෙක් ඝාතනය කෙරෙති |
ජන. 10 - කාර්තන්කුඩි කල්අඩි ප්‍රදේශයේ පැවති
උපන්දින සාදයකදී කිසියම් පිරිසක් විසින් එහි සිටි දෙදෙනෙකු ඝාතනය
කරනු ලැබ තිබේ.
කාර්තන්කුඩි පොලිසිය සඳහන් කළේ, එම සිද්ධියෙන්
මියගොස් ඇත්තේ, දැනට සේවය අත්හිටුවා ඇති පොලිස් කොස්තාපල්වරියක
සහ තවත් පුද්ගලයෙකු බවය. |
| මාලකගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට |
ජන.
10 - ගණකාධිකාරී චමින්ද සේනසිංහ මහතාට පහරදීමේ සිද්ධිය පිළිබඳ
නඩු විභාගය මාර්තු මස 19 වෙනිදාට කල් තැබිණ.
ඒ, අද පෙරවරුවේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්
දර්ශිකා විමලසිරි මෙනවිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
සේනසිංහ මහතාට පහරදුන් බවට චෝදනා එල්ලවී ඇති අමාත්‍ය
ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා අද අධිකරණය
හමුවේ පෙනී සිටියේය.
ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත්
කරන ලෙස මීට පෙර පනවා තිබූ නියෝගයකට අනුව එය අද අධිකරණයට භාරදී
තිබේ. |
| තම්මිටකන්ද ප්‍රදේශයෙන් මළ සිරුරු 4 ක් හමුවෙයි |
ජන. 10 - කුඹුක්කන් ඔය, තම්මිටකන්ද ප්‍රදේශයේ
වනයක පවත්වාගෙන ගිය ගංජා හේනක් තුළ පිළිස්සුන තරුණ මළ සිරුරු
4 ක් අද දහවල් සොයාගැනිණ.
දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ
මහතා සඳහන් කළේ, ආරක්ෂක හමුදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම
මළසිරුර සොයාගත් බවය.
ඊයේ පස්වරුවේ වෙඩි වැදුණු තුවාල සහිතව පළා ආ පුද්ගලයෙකුගෙන්
හෙළිවූ තොරතුරු මත එම ප්‍රදේශය අද දැඩි පරික්ෂාවට භාජනය කළ බව
ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
තුවාලකරු කතරගම - බුත්තලම මාර්ගයේ ගල්ගේ ප්‍රදේශයේ
පිහිටි හමුදා කඳවුරට භාරවී ඇත.
ඔහු පවසා ඇත්තේ, තමා ඇතුළු සිව්දෙනෙකු තම්මිටකන්ද
ප්‍රදේශයේ ගංජා හේනක වැඩකරමින් සිටියදී සන්නද්ධ පුද්ගලයෙකු පැමිණ
වෙඩි තැබූ බවය.
මෙම පුළුස්සා දමා තිබූ මළසිරුරු අදාළ පුද්ගලයින්
ඝාතනය කොට පුළුස්සා දමන්නට ඇතැයි පොලිසියට සැක පළ කරයි. |
| බලපිටිය සහ මීගමුව මහාධිකරණවලින් දෙදෙනෙකුට මරණ දඬුවම |
ජන. 10 - දැරියක පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ
චෝදනාවකට වැරදිකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය අද මරණ
දඬුවම නියම කළේය.
1994 වසරේ අප්‍රේල් මස 23 වැනිදා හා 28 වැනිදා
අතර දිනකදී ඇල්පිටිය ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයක
සිඟිති අවුරුදු කුමරිය ලෙස තේරුණු දැරියක අස්වභාවික උවමනා වෙනුවෙන්
පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණ.
චූදිතයා මුල් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ
සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළ අතර නඩු විභාගයේදී එම
මහේස්ත්‍රාත්වරයා ද අධිකරණයේ පෙනී සිටිම්න් සාක්ෂි දීම විශේෂත්වය
විය.
අද මෙසේ මරණ දඬුවම නියම වූයේ, ඇල්පිටිය ප්‍ර්‍රදේශයේ
පුද්ගලයෙකුටය.
මේ අතර, මෙරටට හෙරොයින් ගෙන්වූ බවට චෝදනා ලැබ
අධිකරණය මගහැර සිටි පුද්ගලයෙකුට මීගමුව මහාධිකරණයේදී අද මරණ
දඬුවම නියම කෙරිණි.
මරණ දඬුවම නියම කරමින් මීගමුව මහාධිකරණ විනිසුරු
ජේ.එම්.පී.එම්.පී.යූ. තෙන්නකෝන් මහත්මිය සැගව සිටින චූදිතයා
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විවෘත වරෙන්තු නිකුත්
කළාය. |
| බස්නාහිර ආරක්ෂක සම්බන්ධීකාරක, නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ |
ජන.
10 - බස්නාහිර පළාතේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරීවරයා වශයෙන්
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නිමල් ලෙව්කේ මහතා පත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතේ ඒකාබද්ධ මෙහෙයුම්
ආඥාපතිවරයාට සහය වීම සදහා නිමල් ලෙව්කේ මහතා පත් කර ඇති බවය.
ඔහු බස්නාහිර පළාතේ සියලු ම පොලිසි සම්බන්ධීකරණය
කරනු ඇත. |
| පනත් කෙටුම්පත් දෙකක් සංශෝධන සහිතව සම්මතයි |
ජන. 10 - රාජ්‍ය ආරක්ෂක සේවා බලඇණි සහ මාණ්ඩලික
විද්‍යාල පනත් කෙටුම්පත හා අපි වෙනුවෙන් අපි අරමුදල් පනත් කෙටුම්පත්
අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට උපාධි වරම් ලැබීමට
ත්, රණවිරුවන්ට ශුභසාධන පහසුකම් සැලසීමට ත්, මෙමගින් හැකිවන
බව පනත් කෙටුම්පත් විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රත්නසිරි
වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.
ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දේශපාලනීකරණයෙන් ඉවත්කළ
යුතු බව විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වෛද්‍ය ජයලත්
ජයවර්ධන මහතා පැවසීය.
පක්ෂ විපක්ෂ සියලු ම මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුපෙන්
අඩක් ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට කැප කළ යුතු බව ජනතා විමුක්ති
පෙරමුණු මන්ත්‍රී විජිත හේරත්න මහතා සඳහන් කළේය.
මේ අතර. රටේ ආරක්ෂක තත්ත්වය පිරිහීමත් සමග ගුවන්
සේවාවන්හි තත්ත්වය ද පිරිහීමට ලක්වී ඇති බව එක්සත් ජාතික පක්ෂ
මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
සභාව කල් තැබීමේ විවාදය සඳහා යෝජනාවක් ගෙන එමින්,
මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ, ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කළමනාකාරීත්වය
භාරගැනීමෙන් පසු එය පවත්වාගෙන යාමට මූල්‍ය ශක්තියක් පවතින්නේ
ද යන්න පිළිබදවය.
මෙහිදී සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය සරත්
කුමාර ගුණරත්න මහතා හා රවී කරුණානායක මන්ත්‍රීවරයා අතර සංවාදාත්මක
තත්ත්වයක් හටගත්තේය. |
| නාලන්ද ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකුට අධි චෝදනා |
ජන. 10 - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද
එල්ලාවල මහතා සහ තවත් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්
සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලක යන අමාත්‍යවරුන් දෙදෙනා
ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට අධි චෝදනා පත්‍ර අද භාරදෙනු ලැබීය.
රත්නපුර මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු අනෝමා විජේවර්ධන මහත්මිය
හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර අමාත්‍යවරුන්
දෙදෙනා ඇතුළු විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
1997 පෙබරවාරි මස 11 වෙනි දින කුරුවිටදී පාර්ලිමේන්තු
මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය
කිරීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 11 ක් මෙම
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවේ විභාගය ජුලි මස 7 වැනිදා පැවැත්වීමට
මහාධිකරණය අද තීරණය කළේය. |
| මුරලිට පාර්ලිමේන්තුවේදී උපහාර |
ජන.
10 - වැඩිම ටෙස්ට් ක්‍රිකට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළමින් ලෝක
වාර්තාවක් තැබූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට
උපහාර දැක්වීමක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.
මේ සඳහා මුරලිදරන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමේ සියලු ම ක්‍රීඩකයින් පාර්ලිමේන්තුවට කැදවා තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ මෙන් ම පාර්ලිමේන්තු
ඉතිහාසයේ ද ක්‍රීඩකයෙකු හෝ කණ්ඩායමක් වෙනුවෙන් මෙවැනි උපහාරයක්
පැවැත්වූයේ, ප්‍රථම වරටය.
මෙහිදී කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන් ම
විපක්ෂ නායකවරයා ද මුත්තයියා මුරලිදරන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩාමට සුබ පැතූහ.
මෙම අවස්ථාවට 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය
දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ පසුගිය ලෝක කුසලානයේ අනුශූරතාව
හිමිකර ගත් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ද සහභාගි වූහ. |
පවතින තත්ත්වය තුළ එජාපයේ හැසිරීම කණගාටුදායකයි
- අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන |
ජන.
10 - පවතින පසුබිම තුළ විපක්ෂයේ හැසිරීම පිළිබඳව කණගාටු වන බව,
රජය පවසයි.
අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹදී පැවති
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ,
එල්.ටී.ටී.ඊ. සංවිධානය විපක්ෂය හෝ ආණ්ඩු පක්ෂය නොසලකා මැති ඇමතිවරුන්
ඝාතනය කරන බවය.
ඇතැම් ඝාතනවලට රජය සම්බන්ධ බවට විපක්ෂය ජාත්‍යන්තරයට
පෙන්නුම් කිරීමට දරන උත්සහය ගැන කණගාටු වන බව අමාත්‍යවරයා මෙහිදී
පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, මෙවැනි පසුබිමක එක්සත් ජාතික
පක්ෂයේ හැසිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවය.
කෙසේ වෙතත්, සියලු අභියෝගවලට රජය නොබියව මුහුණ
දෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. |
| තවදුරටත් මැදිහත්කරුවෙකු ලෙස සිටින්නැයි නෝර්වේ රජයෙන් එල්.ටී.ටී.ඊ.ය ඉල්ලයි |
ජන. 10 - මහා පරිමාණ යුද්ධයකට තමන් සුදානම්
බව එල්.ටී.ටි.ඊ සංවිධානය රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
එම පුවත් සේවයට අනුව සටන් විරාමයෙන් ඉවත් වන බවට
රජය පසුගිය සතියේදී කළ ප්‍රකාශයට එල්.ටී.ටී.ඊය පළමු වරට ප්‍රතිචාර
දැක්වූ අවස්ථාව මෙයය.
මහා පරිමාණ යුද්ධයක් තමන් අබියසට ගෙනැවිත් ඇති
බැවින් ඊට මුහුණදීමට තමන් සුදානම් බව ද එල්.ටී.ටී.ඊ සංවිධානය
රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
එම පුවත් සේවය වාර්තා කරන්නේ, තවදුරටත් මැදිහත්කරුවෙකු
ලෙස පෙනී සිටින ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය නෝර්වේ විදේශ අමාත්‍යවරයාගෙන්
ලිඛිතව ඉල්ලා ඇති බවය. |
| ජන. 14 සියලු පාසල් නිවාඩු |
ජන. 10 - ලබන ජනවාරි 14 වන සඳුදා රජයේ හා සියලු
ම පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන
බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්
එම්.එම්.එන්.ඩී. බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, 2008 ජනවාරි 15 වන
අඟහරුවාදා දින තෛපොංගල් උත්සවය සඳහා නිවාඩු දිනයක් යෙදී ඇති
බැවින් මෙම තීරණය ගත් බවය.
ඒ අනුව, ජනවාරි මස 14 වන සඳුදා සහ ජනවාරි මස 15
වන අගහරුවාදා යන දෙදින රජය සහ සියලු ම පෞද්ගලික පාසල් සඳහා නිවාඩු
දින වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. |