Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
දිනය 16/01/2008
ඔක්කම්පිටිය - බුත්තල මාර්ගයේ පිපිරීමක්

ජන. 16 - පෙරවරු: 8.45 - ඔක්කම්පිටිය - බුත්තල මාර්ගයේ ධාවනය වූ මගී බස් රථයක් ඉලක්ක කර කිසියම් පිපිරීමක් සිදුව තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ, මෙම පිපිරීම අද උදෑසන 7.45 ට පමණ සිදු ව ඇති බවය.

පිපිරීමෙන් තුවාල ලැබූවන් බුත්තල දිසා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඇතුළත් කර ඇත.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

බුත්තල, හෙළගම ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් 20 දෙනෙක් මරුට

ජන. 16 - පෙරවරු: 9.10- ඔක්කම්පිටිය - බුත්තල මාර්ගයේ ධාවනය වූ මගී බස් රථයක් ඉලක්ක කර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙ‌නෙකු පමණ මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

තවත් 45 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බුත්තල රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බුත්තල රෝහල පැවසීය.

වැලි ආර, 3 කණුව ප්‍රදේශයේදී මෙම පිපිරීම සිදුව තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ, මෙම පිපිරීම අද උදෑසන 7.45 ට පමණ සිදු ව ඇති බවය.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

බුත්තල, හෙළගම ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් 23 දෙනෙක් මරුට

ජන. 16 - පෙරවරු: 9.30- ඔක්කම්පිටිය - බුත්තල මාර්ගයේ ධාවනය වූ මගී බස් රථයක් ඉලක්ක කර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 23 දෙ‌නෙකු පමණ මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

තවත් 67 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත. බුත්තල රෝහල පැවසුවේ, බරපතල තත්ත්වයේ පසුවූ රෝගීන් මොණරාගල රෝහලට මාරු කර යැවූ බවය.

බුත්තල රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බුත්තල රෝහල පැවසීය.

වැලි ආර, 3 කණුව ප්‍රදේශයේදී මෙම පිපිරීම සිදුව තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ, මෙම පිපිරීම අද උදෑසන 7. 45ට පමණ සිදු ව ඇති බවය.

තවත් තොරතුරු බලාපොරොත්ත

බුත්තල, ගල්ගේ ප්‍රදේශයේ තවත් පිපිරීමක්

ජන. 16 - පෙරවරු: 11.20 - කතරගම - බුත්තල මාර්ගයේ ගල්ගේ ප්‍රදේශයේදී තවත් පිපිරීමක් සිදුවී තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ, හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර මෙම පිපිරීම සිදු කර ඇති බවය.

සිද්ධියෙන් යුද හමුදා සෙබලුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

බුත්තල, හෙළගම පිපිරීමෙන් මියගිය ගණන 26දක්වා ඉහළ යයි

ජන. 16 - පෙරවරු: 11.45 - හෙළගම ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ පිපුරුමෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ, සිද්ධියෙන් තවත් මගීන් 67 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

නියදගලින් පිටත්ව බුත්තල බලා ධාවනය වෙමින් තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මෙම පිපුරුම සිදුවිය.

ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දයා සමරවීර මහතා ප්‍රකාශ කළේ, වනගත ස්ථානයකදී බස් රථය පිපිරීමට ලක් වී ඇති බවය.

එම වනගත ප්‍රදේශයේ සිට බස් රථය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. පිපිරීම සිදුවූ බස් රථය අවට විසිරි පවතින හිස් පතුරම් කොපුවලින් මේ බව සනාථ වන බව දයා සමරවීර මහතා ප්‍රකාශ කළේය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ, මෙම පිපිරීම කුමන ආකාරයේ එකක්දැයි යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ අතර තුවාල ලැබූවන්, මොණරාගල වැල්ලවාය, බුත්තල සහ ඔක්කම්පිටිය යන රෝහල්වලට ඇතුළත් කෙරිණ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 45 දෙනෙක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබති.

එම රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී ජනක ප්‍රසාද් මහතා පැවසුවේ, අසාධ්‍ය තත්ත්වයේ පසුවූවන් ශල්‍ය කර්මවලට ලක්කළ බවය.

සාමාන්‍ය තුවාල ලැබූවන් රෝහල් වාට්ටුවලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, තුවාල ලැබූවන්ට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව වැඩබලන වෛද්‍ය අධිකාරී ජනක ප්‍රසාද් මහතා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, මොණරාගල රෝහලේ ප්‍රතිකාර ලබන තුවාල කරුවන් කිහිපදෙනෙකු හෙලිකොප්ටර් යානා මගින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සලසා ඇත.

අවශ්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් කොළඹින් පිටත් වී තිබේ.

ඌව පළාතේ සියලු ම පාසල් තාවකාලිකව වසා දැමේ

ජන. 16 - පස්වරු: 12.02 - අද සිදුවූ බෝම්බ පිපිරීම හේතුවෙන් ඌව පළාතේ පාසල් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පළාත් ප්‍රධාන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

මේ අතර, බෝම්බ පිපිරීමෙන් පසුව ඌව පළාතේ පාසල් තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කළ බව පළාත් අධ්‍යාපන කාර්යාලය ද පැවසීය.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එම්. ජයසුරිය මහතා ප්‍රකාශ කළේ, ලබන සඳුදා දක්වා මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක දෙකෙහි සියලු ම පාසල් වසා තබන බවය.

පිපිරීමෙන් තුවාල ලැබූවන්ට රුධිරය අවශ්‍යයි
- හමුදා ප්‍රකාශක

ජන. 16 - බුත්තල, හෙළගම ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් තුවාලකරුවන්ට ඕ නෙගෙටිව් සහ ඕ පොසිටිව් වර්ගයේ රුධිරය අවශ්‍ය වී ඇත.

හමුදා ප්‍රකාශකවරයා ලේ පරිත්‍යාගශිලීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ තුවාලකරුවන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලේ පරිත්‍යාග කරන ලෙසය.

පිපිරීමෙන් තුවාල ලැබූවන් කොළඹ ගෙන ඒමට පියවර

ජන. 16 - පෙරවරු: 11.45 - හෙළගම ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ පිපුරුමෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ, සිද්ධියෙන් තවත් මගීන් 67 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය තුවාල ලැබූවන් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇත.

විදේශීය ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි

ජන. 16 - පස්වරු: 01.10 - විදේශිය ගුවන් සේවයකට අයත් මගී ගුවන් යානයක් අද දහවල් 12 යි 1 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්වා ඇතැයි ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ඇන්ඩි විජේසුරිය මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට එම ගුවන්යානය ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ පරික්ෂාවට ලක්කරමින් සිටින බවය.

හදිසි ගොඩබැස්සවීම සිදුකරන අතරතුර මෙම යානය ඉතාලියේ මිලාන් නුවර බලා පියාසර කරමින් තිබිණ.

මොණරාගල, පහළගම වැසියන් පිරිසකට වෙඩි ප්‍රහාරයක්

ජන. 16 - පස්වරු: 01.45 - අද උදෑසන බස්රථයක් ඉලක්ක කරගනිමින් බෝම්බයක් පුපුරාගිය ප්‍රදේශයට නුදුරින් පිහිටි මොණරාගල, පහළගම, වැලිආර ප්‍රදේශයේ හේනක සිටි පිරිසකට කිසියම් සන්නද්ධ කණ්ඩායමක් වෙඩිතබා තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබු එක් පුද්ගලයෙකු මොණරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බවය.

එම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 5 දෙනෙකු පමණ අදාළ හේනේ සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද බ්‍ර්ගේඩියර්වරයා සඳහන් කළේය.

බුත්තල පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

ජන. 16 - පස්වරු: 01.45 - බුත්තල හෙළගම ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට සහ තුවාල ලැබූවන්ට කඩිනමින් වන්දි ප්‍රදානය කිරීමට ආපදා සහනසේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ, මියගිය පුද්ගලයින් 26 දෙනාට සහ තුවාල ලැබුවන් 64 දෙනාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් වෙන්කර ඇති බවය.

ඒ අනුව, මියගිය එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ද, තුවාල ලැබුවෙකු සදහා රුපියල් 50,000 ක උපරිමයකට යටත්ව ද වන්දි ප්‍රදානය කෙරෙනු ඇත.

මෙහි මුල් අදියර යටතේ මියගිය අවිවාහක පුද්ගලයෙකු සඳහා රුපියල් 25,000 ක මුදලක් ද, මියගිය විවාහක පුද්ගලයෙකු සඳහා රුපියල් 50,000 ක මුදලක් ද, තුවාල ලැබුවෙකු සඳහා රුපියල් 10,000 ක මුදලක් ද ලබාදීමට කටයුතු යොදා තිබේ.

නැවත පදිංචි කිරීම් සහ ආපදා සහනසේවා අමාත්‍යංශය පවසන්‌නේ, වන්දි ප්‍රදානයට අමතරව අවමංගල්‍යාධාර දීමනාවක් වශයෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 ක මුදලක් පිරිනැමෙන බවය.

 
 
 
 
 
 
අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment