Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
මැයි 05 සඳුදා සිට මැයි 11 ඉරිදා දක්වා
මේෂ
සිතේ තිබූ කාරණා කිහිපයක් ඉටු කර ගැනීමේ අවස්ථාව එළඹේ. පෙම් සබඳතා ඇති කර ගන්නා අතර මංගල යෝග ද උදා කරයි. මල් වගා ආදී කටයුතුවලින් මහත් වාසි ඇතිවේ. යහළු මිත්‍රයින් සමග අමනාපකම් ඇතිවේ.
වෘෂභ
ඉතා බුද්ධිමත් ලෙස සිතා බලා කටයුතු කරයි. මංගල කටයුතු අවුල් වන අතර පෙම් සබඳතා ද කැඩී යාමට ඉඩ ඇත. සහෝදරයින්ගේ විරසක මතුවේ. අලුත් ව්‍යාපාර ආරම්භ කිරිම අසුබය. මුදලක් තැන්පත් කිරිමට උත්සහ දරන අතර අනුන්ගේ ප්‍රශ්නවලට ද මැදිහත් වේ.
මිථුන
සතියේ මුල් දින කිහිපය තුළ අත මිට මුදලින් වාසි අත් වනු ඇත. වියදම් ද මදක් අධිකය. තැන්පත් කිරිමක් කළ නොහැක. අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියෙන් ම සිටී. මංගල යෝජනා ඉදිරිපත් වන අතර පෙම් සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා එළඹේ.
කටක
ආත්ම ශක්තිය අඩු වන අතර සිතට වද දෙන ප්‍රශ්න ඇති වීමට හේතුවේ. සෙම් රෝග ඇතිවේ. උත්සහය උනන්දුව අඩු කරයි. තැන්පත් ධනය වැය කිරිමට සිදු වන ආකාරයේ අවස්ථා එළඹේ. රැකියාවේ උසස් වීම් ඇතිවේ. අලුත් රැකියා ලබා ගැනීමේ අවස්ථා මතු කරයි. ඉගෙනීමේ කටයුතුවලින් විශිෂ්ට ජය ලබා ගැනීමට පුළුවන.
සිංහ
කටයුතු බොහොමයක් ඉටු කර ගැනීමේ අවස්ථා එළඹේ. එඩිතරව හා ක්‍රියාශීලිව කටයුතු කරන සතියකි. අධ්‍යාපන කටයුතුවල දියුණුවක් ඇති කරයි. වීදේශ ගත වීමට කැමති අයට බලාපොරොත්තු ඉටු කර ගැනීමේ අවස්ථා එළඹේ. බඩේ අමාරු ඇති වීමට ඉඩ ඇති හෙයින් ප්‍රවේශම් විය යුතුය.
කන්‍යා
හදිසි ධන ලාභ ලැබීමට හේතුයි. පවුලේ තිබූ අරගලකාරි තත්ත්වයන්ගෙන් මිදීමට හැකි වන නිසා සිතට සුළු සතුටක් ඇතිවේ. ගෙදර දොර අලුත්වැඩියා කරයි. අනුන්ගේ උපකාර පැතීමට සිදු වන සතියකි. ඉඩම් ගැනීමේ අවස්ථා එළඹේ.
තුලා
සිතේ සතුට වැඩි කරන සතියකි. මගල අවස්ථා ද එළඹෙන අතර පෙම් සබඳතා ද ඇති කර ගනී. ගමන් බිමන් අධික වේ. බලාපොරොත්තු ඉටු වන නිසා සැනසිලිදායී තත්ත්වයකට පත්වේ. සහෝදරයෙකුගේ උපකාර ලැබීමට හේතු වන අතර ප්‍රශංසාවට ද පත්වේ.
වෘශ්චික
කලක් තිස්සේ බලාපොරොත්තු වූ රැකියාවක් සතිය මුලදී ම සාර්ථක වීම නිසා සිතේ සතුට ඇතිවේ. අනවශ්‍ය වැඩ කිරිමට සිත පොළඹවන අතර මිතුරන් සමග අමනාප වීමට සිදු‌වේ. මුදලක් තැන්පත් කිරිමේ අවස්ථාව එළඹෙන අතර මුදල් වාසි අත්වන සතියකි. ගෙදර අය සමග සුහදතාව අඩුවේ.
ධනු
විදේශ ගමනකට අර අදිමින් සතියේ මුල් දින කීපය ගත කරයි. සිතේ ඇති අදහස් සඵල කර ගැනීමේ අවස්ථා එළඹේ. මංගල කටයුතු අසාර්ථක කරයි. පිනට දහමට ලැදිව කටයුතු කරන සතියකි. උනන්දුව ක්‍රමයෙන් වැඩි වන අතර ඉතා බුද්ධිමත්ව ක්‍රියා කරයි. අධික වියදම් හා ගමන් බිමන් යෙදේ.
මකර
වැඩකටයුතු බොහොමයක් අවුල් වීමට හේතුයි. ගමන් බිමන් අධික වේ. ඉඩම් ගෙවල් වාහන ආදිය ගැනීමට උනන්දුවක් ඇති කරයි. රැකියා කටයුතු දියුණු වන අතර සම්මුඛ පරික්ෂණවලින් ජය ගනී.
කුම්භ
ආදායම් තත්ත්වය සරු වන අතර මංගල කටයුතුවලට ද අවස්ථාව එළඹේ. පෙම් සබඳතා ස්ථිර කර ගැනීමේ අවස්ථා උදා වන අතර බලාපොරොත්තු කීපයක් ද සඵල වේ. බඩේ අමාරුවලට හේතු වන බැවින් ආහාර ගැනිමේදී සැලකිලිමත් විය යුතුය. හදිසි කරදර ඇති වීමට පුළුවන.

මීන
මිල මුදලින් අත මිට සරු කරන සතියකි. ඥාති සංග්‍රහයකට සුදානම් වේ. සිතේ සතුට ඇති කරන සතියකි. උනන්දුවෙන් ක්‍රියා කරන අතර රැකියා කටයුතුවලදී උපරිම තෘප්තියක් ලබා ගැනීමට හැකිවේ. උසස් වීම්වලට හේතුයි. අධ්‍යාපන කටයුතුවලදී මඳ පසු බෑමක් සිදුවේ. දූ දරුවන්ට අඵල සතියකි.

ජ්‍යොතිර්වේදිනි තොසා ද සිල්වා
වැඩි මන්ත්‍රීධූර හිමි පක්ෂයට මහ ඇමති ධූරය
ඡන්ද විමසීම සාර්ථකයි - මැ. කොමසාරිස්
මූතුර් පොලිස් ස්ථානාධිපතිවරය‌ා මාරුකෙරේ
ඡන්ද ප්‍රතිඵල පිළිගත නොහැකියි - එජාප
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 5 ක්
එජනිස නැගෙනහිර ජයගනී
අම්පාර සමස්ත ප්‍රතිඵලය
සමන්තුරේ ප්‍රතිඵලය
අම්පාර ප්‍රතිඵලය
කල්මුණේ ප්‍රතිඵලය
පොතුවිල් ප්‍රතිඵලය
ත්‍රිකුණාමලය සමස්ත ප්‍රතිඵලය
සේරුවිල ප්‍රතිඵලය
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ

මැයි 10 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැවති අපේක්ෂා බිඳ වැටුණු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඡන්ද දූෂණ රැසක් තමන්ට වාර්තා වූ බවය.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා තම සාමාජිකයින්ට අවස්ථාව නොලැබුණු බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment