Go to pivisuma Go to sports page Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
නන්දනලාගෙන් අලුත් පක්ෂයක්

මැයි 12 - ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා, නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයට භාර දුන්නේය.

වසර අවසානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්

මැයි 12 - මෙම වසරේ අවසන් භාගය වන විට දිවයින තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල යම් හිඟයක් ඇති වනු ඇති බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය පවසයි.

මැතිවරණ නිරීක්ෂකයින්ට ප්‍රහාරයක්

මැයි 12 - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල යෙදුණු තම සාමාජිකයින් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය පවසයි.

ඡන්ද ප්‍රතිඵල පිළිගත නොහැකියි - එජාප

මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කරනුයේ, මෙම මැතිවරණ ප්‍රතිඵල වංචා සහගතව ලබා ගෙන ඇති බවය.

කෙසේ වෙතත්, නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී වාර්තා වූ සුළු ප්‍රශ්න සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් වී නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වැඩි මන්ත්‍රීධූර හිමි පක්ෂයට මහ ඇමති ධූරය
මැයි 11 - සන්ධානයේ වැඩි ම මන්ත්‍රී ධූර හිමි කර ගන්නා පක්ෂයට හෝ කණ්ඩායමට නැගෙනහිර මහ ඇමති ධූරය ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඡන්ද විමසීම සාර්ථකයි - මැ. කොමසාරිස්
මැයි 11 - සුළු සිද්ධි මධ්‍යයේ වුව ද නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම සාර්ථකව අවසන් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.
මූතුර් පොලිස් ස්ථානාධිපති මාරුකෙරේ
මැයි 11 - මූතුර් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අබ්දුල් වහීඩ් මහතාට වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
එජනිස නැගෙනහිර ජයගනී

මැයි 11 - එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර පළාත් සභාවේ බලය දිනා ගත්තේය.

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව එම සන්ධානය නැගෙනහිර පළාත් සභාව තුළ ප්‍රසාද ආසන 2 ක් ද සමගින් ආසන 20 ක් දිනා ගැනීමට සමත් විණි.

අම්පාර සමස්ත ප්‍රතිඵලය

මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ අම්පාර දිස්ත්‍රික් අවසන් ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන තිබේ.

සමන්තුරේ ප්‍රතිඵලය

මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ඡන්ද බල ප්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියට පැමිණියේය.

අම්පාර ප්‍රතිඵලය

මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර ඡන්ද බල ප්‍රදේශය බලය තහවුරු කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.

කල්මුණේ ප්‍රතිඵලය

මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ඡන්ද බල ප්‍රදේශය තුළ පෙරමුණ ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.

පොතුවිල් ප්‍රතිඵලය

මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ඡන්ද බල ප්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය තහවුරු කරගෙන තිබේ.

ත්‍රිකුණාමලය සමස්ත ප්‍රතිඵලය

මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්‍ෂයට ආසන 5 ක් හිමි විය.

සේරුවිල ප්‍රතිඵලය

මැයි 11 - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ඡන්ද බල ප්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය තහවුරු කරගෙන සිටී.

ත්‍රිකුණාමලය ප්‍රතිඵලය

මැයි 11 - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය ඡන්ද බල ප්‍රදේශය තුළ එක්සත් ජාතික පක්‍ෂය බලය තහවුරු කරගෙන සිටී.

මඩකලපුව සමස්ත ප්‍රතිඵලය

මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය.

මඩකලපුව ඡන්ද ප්‍රතිඵලය

මැයි 11 - මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ඡන්ද බල ප්‍රදේශයේ ඉදිරියට පැමිණීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව සිටී.

ත්‍රිමලේ ඡන්ද ගණන් කිරීම උණුසුම් වෙයි

මැයි 11 - ත්‍රිකූණාමලයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

ත්‍රිකුණාමලය කච්චේරි භූමියේ පිහිටි ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ආශ්‍රිතව දෙපිරිසක් අතර හටගත් උණුසුම් තත්ත්වය පසුව ගැටුමක් දක්වා දීර්ඝ විය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මැයි 11 - මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිරිප්පු ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරමුණ එම ඡන්ද බල ප්‍රදේශය තුළ පෙරමුණට පැමිණ තිබේ.

මඩකලපුව - කල්කුඩා ඡන්ද ප්‍රතිඵලය

මැයි 11 - මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ඡන්ද බල ප්‍රදේශය තුළ ඉදිරියට පැමිණීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.

අම්පාර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මැයි 11 - අම්පාර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ඡන්ද 4722 ක් ලබා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියට පැමිණ තිබේ.

ත්‍රිකුණාමලය අවතැන්වූවන්ගේ ඡන්ද ප්‍රතිඵලය

මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවතැන්වූවන්ගේ ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියෙන් සිටී.

මඩකලපුවේ අවතැන්වූවන්ගේ ඡන්ද ප්‍රතිඵලය

මැයි 11 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළ මඩකලපුව දිස්ත්‍රික්කයේ අවතැන්වූවන්ගේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් විණි.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ

මැයි 11 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.

නන්දනලාගෙන් අලුත් පක්ෂයක්
වසර අවසානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්
මැතිවරණ නිරීක්ෂකයින්ට ප්‍රහාරයක්
වැඩි මන්ත්‍රීධූර හිමි පක්ෂයට මහ ඇමති ධූරය
ඡන්ද විමසීම සාර්ථකයි - මැ. කොමසාරිස්
මූතුර් පොලිස් ස්ථානාධිපතිවරය‌ා මාරුකෙරේ
ඡන්ද ප්‍රතිඵල පිළිගත නොහැකියි - එජාප
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 5 ක්
එජනිස නැගෙනහිර ජයගනී
අම්පාර සමස්ත ප්‍රතිඵලය
සමන්තුරේ ප්‍රතිඵලය
අම්පාර ප්‍රතිඵලය
කල්මුණේ ප්‍රතිඵලය
 
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ

මැයි 10 - නැගෙනහිර පළාත් සභා මැතිවරණය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පැවති අපේක්ෂා බිඳ දැමූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ, මැතිවරණය ක්‍රියාත්මක වන අවස්ථාවේ අක්‍රමිකතා රැසක් වාර්තා වූ බවය.

 
 
 
 
 
 
Go to pivisuma Go to sports page Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment