මාර්.05- මෙවර මැතිවරණ රාජකාරි සදහා යොදවන සේවක සංඛ්‍යාව 150% දක්වා වැඩි කිරීමට වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.
පවතින තත්ත්වය මත සහකාර තේරීම්භාර නිලධාරීන්, ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින බවද දේශප්‍රිය මහතා පැවසීය.
පසුගිය මැතිවරණයේදී රාජකාරී කළ නිලධාරීන් සහ මෙවර අළුතින් යොදවන නිලධාරීන් පිළිබදවද තොරතුරු රැස් කරමින් සිටින බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේය.
කොළඹ නගරය හා අවට ප්‍රදේශ වලින් එවැනි නිලධාරීන් හඳුනාගෙන අනෙකුත් දිස්ත්‍රික්කවල මැතිවරණ රාජකාරි සදහා යෙදවීමට සැලසුම් කරන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.














