මාර්.06-ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනිමට නාරා ආයතනය පියවර ගෙන තිබේ.
එහි සභාපති ග්‍රොඩ්බ්‍රි කුරේ මහතා පැවසුවේ ඒ තුළින් මෙරට මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීමේ කටයුතු පහසුවන බවය.දැනට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 40,000ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ගැඹුරු මුහුදේ ධිවර කටයුතු වලින් ලබා ගන්නා බව ඔහු සදහන් කළේය.
චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගැනිමත් සමග මේ වසරේ එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 70,000 දක්වා ඉහළ නැංවීමට හැකිවනු ඇති බව නාරා ආයතනය පැවසීය.
දැනට ගැඹුරු මුහුදේ ධිවර කටයුතුවල යෙදෙන බහුදින ධිවර යාත්‍රා සංඛ්‍යාව 2,000කට අධික වේ.
එයට සමගාමීව නව මුහුදු සිතියම් සැකසිමට ද කටයුතු කර ඇති බව සභාපතිවරයා පැවසීය.














