Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

මහ මැතිවරණය අවසන් වනතෙක් මන්ත්‍රීධූර යළි වලංගුයි

E-mail Print PDF

මාර්.09- අද දින සිට මහ මැතිවරණය අවසන් වනතෙක් 6 වන පාර්ලිමේන්තුවේ සිටි සියලුම මන්ත්‍රිවරුන් නැවත වරක් මන්ත්‍රිවරුන් ලෙස පත්වන බව පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා පොලිස්පතිවරයාට දැනුම් දී  සිටී.

වැඩබලන මහ ලේකම්වරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක සදහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70, 7 වගන්තියට අනුව යළි පාර්ලිමේන්තුව කැදවීම හේතුවෙන් ඔවුන් තවදුරටත් මන්ත්‍රිවරුන් ලෙස පත්වන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසෆ් මයිකල් පෙරේරා මහතා යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් කථානායකවරයාගේ නියෝගය මත අදාළ පැහැදිලි කිරීම යොමු කළ බව ද ධම්මික කිතුලේගොඩ මහතා සිය ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

හදිසි නීතිය සම්මත කර ගැනීම සදහා යළි පාර්ලිමේන්තුව කැදවීම හේතුවෙන් ඉවත් කර ඇති විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව යළි ලබාදිය යුතු බව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා කථානායකවරයා ‍වෙත යොමු කළ ලිපියේ සදහන් වී තිබේ.

පෙ‍රේරා මහතා කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වි ඇත්තේ, විපක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිය යුතු බවට, ශ්‍රේෂ්ඨාධිකරණය ද පෙන්වා දී තිබෙන බවය.

නමුත් හිටපු මන්ත්‍රීවරුන් යළි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බවට පත්වීමේ නීතිමය තත්ත්වයත් සමග ඔවුන්ට ආරක්ෂාව ලබාදීම සදහා තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නැතැයි, ඇමති ආරක්ෂක අංශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති සරත් පෙරේරා මහතා පැවසීය.

එහෙත් පොලිස්පතිවරයාගේ නියෝග මත මැතිවරණයට තරග වදින 6 වන පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇතැයි, නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

ඒ අනුව මන්ත්‍රීවරයකු සදහා අවම ව‍ශයෙන් එක් පොලිස් නිලධාරියෙකු බැගින් ආරක්ෂාව සදහා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.