මාර්.11-නීති විරෝධි ලෙස ප්‍රදර්ශණය කර ඇති සියලුම මැතිවරණ කටඅවුට් හා පෝස්ටර් අද දිනය තුළ ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට දැනුම් දී තිබේ.
මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ ඒ පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කර ඇති බවය.පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හෙට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඊට පෙර අදාළ කටඅවුට් සහ පෝසටර් ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට දන්වා තිබේ.
මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ, මෙතෙක් නීති විරෝධී ලෙස ප්‍රදර්ශණය කර ඇති මැතිවරණ කටඅවුට් හා පෝස්ටර් ඉවත් කිරීමේ කටයුතුවල එතරම් ප්‍රගතියක් නොමැති බවය.
කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීමට පොලීසිය එකඟතාව පළ කර ඇති බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේය.
මේ වන විට නීති විරෝධී ලෙස ප්‍රදර්ශණය කර ඇති මැතිවරණ කටඅවුට් හා පෝස්ටර් 15% ත් 20% ත් අතර ප්‍රමාණයක් ඉවත්කර ඇතැයි මැතිවරණ ආරක්ෂක කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සදහන් කළේය.
ඒ සදහා කම්කරුවන් 1,320 ක් බදවාගෙන ඇති බව ද ගාමිණී නවරත්න මහතා පැවසීය.
ඔහු සදහන් කළේ ඒවා ඉවත් කිරීම සදහා මහජන මුදලින් රුපියල් මිලියන 22 ක් වැය වන බවය.














