Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආධාර සැපයීමට චීනය සුදානම්

E-mail Print PDF

මාර්.11-දකුණේ ඉදිකරන ශ්‍රි ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ  සදහා අමරිකානු ඩොලර් මිලියන 200 ක පමණ ආධාර මුදලක් සැපයීමට චීනය සුදානම් බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේය.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට ද චීනය විසින් ආධාර සපයනු ලැබේ.

එම ව්‍යපෘතීන් දෙකෙහිම කොන්ත්‍රාත්කරුවන් ලෙස චීන රාජ්‍ය සමාගම් ක්‍රියා කරන බව ද අදාළ බී.බී.සී. වාර්තාවේ සදහන් වේ.

මේ වන විට ශ්‍රි ලංකාවේ ව්‍යාපෘතින් සදහා චීනයෙන් මුල්‍ය ප්‍රතිපාදන සැළසීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර පසුගිය සතියේ රජය ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාවේ සමස්ත සංවර්ධන ණය වලින් අඩකට වඩා සපයන්නේ චීනය බවය.

මේ අතර ශ්‍රි ලංකාවේ දක්ෂිණ දුම්රිය මාර්ගය සංවර්ධනය සදහා අමරිකානු ඩොලර් මිලියන 70 ක පමණ ආධාර සැපයීමේ ගිවිසුමකට ඉන්දියාව ඊ‍යේ අත්සන් කරනු ලැබිණි.