මාර්.11-අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දෙහිවල ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 7 සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව බඩෝවිට, ජනතා මාවත, ලෝටස් ග්‍රෝව් නිවාස, රත්මලාන ගුවන් හමුදා කදවුර, අත්තිඩිය සහ කව්ඩාන යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.














